ජීවිත 28ක් බේරාගත් රියැදුරුට වීර පදක්කමකින් උපහාර පිදිය යුතුයි

  👤  1505 readers have read this article !
Published by : MB WEB 2017-10-09 11:01:16

බෙලිහුල්ඔය - සමන්තා රත්නායක

මිනිස් ජීවිත 28කගේ දිවි ගලවා තම ජීවිතය පූජා කළ මියගිය එච්.එම්.ආර්. කීර්ති බණ්ඩාර රියැදුරු වෙනුවෙන් වීර පදක්කමක් දෙන්නැයි ඥාතීහු ඉල්ලති. ඉකුත් පළමුවැනිදා බණ්ඩාරවෙල සිට කොස්ගම දක්වා ද ධාවනය වූ බණ්ඩාරවෙල ඩිපෝවට අයත් බස් රථය උඩ විහාරගල දී කාර්මික දෝෂයක් හේතුවෙන් අඩි දහසකට වඩා පල්ලමකට යා නොදී එය වළක්වාලමින් ගලක වැදීමට සලස්වා ජීවිත 28ක් බේරා ගැනීමට කටයුතු කළ රියැදුරු මහතාට වීර පදක්කමක් දීම මහත් සහනයක් වන බව ඥාතීහු පවසති.

"ත්‍රිවිධ හමුදාවල සේවයේ නියුතුව සිටියදී මෙවැනි අවස්ථාවක මෙවැනි ක්‍රියාවක් කළේ නම් වීර විභූෂණ පදක්කම් ලැබෙනවා. එහෙත් ඩිපෝවල එවැනි තත්ත්වයක් නැහැ. අපේ සහෝදරයා ජීවිත පරදුවට තබා ජීවිත ගණනාවක් බේරා ගත්තා. ඔහු අපිට නැති වුණා නමුත් ඔහු කළ ක්‍රියාව ශේ‍ර්ෂ්ඨයි. අමරණීයයි.

ඔහුගේ ක්‍රියාව සිහිවීම වෙනුවෙන් වීර පදක්කමක් ලැබෙනවා නම් අපිට ඒක සතුටක් යනුවෙන් මියගිය බණ්ඩාරගේ සහෝදරවරුන් සහ බිරිය ප්‍රියංගිකා නිල්මිණි අප හා පැවැසුවාය. පසුගිය 6 වැනිදා මාරක අනතුරෙන් මියගිය රියැදුරු මහතා වෙනුවෙන් නිවෙසේ ධර්ම දේශනයක් ද හත් වැනිදා දහවල් දානමය පුණ්‍යකර්මයක් ද පැවැත්විණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්