අද හෙට යොවුන් පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක්

  👤  809 readers have read this article !
Published by : MB WEB 2017-10-08 16:07:33

සිව්වැනි යොවුන් පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් අද (08) සහ හෙට (09) යන දිනවලදී ජාතික තරුණ සේවා සභාවේ පිහිටි යොවුන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතය.

මෙවර සැසිය සඳහා අසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ හා එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධ අනෙකුත් සංවිධානවල නියෝජිතයන් 120 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් පැමිණීමට ද නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා‍ගේ සංකල්පයක් පරිදි මෙම යොවුන් පාර්ලිමේන්තුව ආරම්භ වූ අතර මෙහි මන්ත්‍රීවරුන් 224 කින් සමන්විත වන අතර දිවයින පුරා විශේෂ ව්‍යාපෘති 3,000ක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන .

ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලය හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ක කටයුතු අමාත්‍යාංශය මගින් යොවුන් පාර්ලිමේන්තුව සංවිධානය කරයි.

මේ අවස්ථාවට සමාජ සවිබලගැන්වීමේ හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහත්වරුන් සහභාගි වීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්