නිව්යෝර්ක් නුවරට 'පහරදීමේ කුමන්ත්‍රණයක්' හෙළිවෙයි

  👤  1314 readers have read this article !
Published by : MB WEB 2017-10-08 13:36:37

නිව්යෝර්ක් නුවරට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ජිහාඩ්වාදීන් විසින් කරමින් සිටින ලද කුමන්ත්‍රණයක් හෙළිදරව් කර ගැනීමට හැකිවූ බව එක්සත් ජනපද බලධාරීහු පවසති.

එක්සත් ජනපදයේ ෆෙඩරල් රහස් ඔත්තු සේවය (FBI) මෙම සැලැස්ම හෙළිදරව් කර ගෙන ඇත්තේ වෙස්වලා ගත් FBI නියෝජිතයෙකු යොදා ගැනීමෙනි.

නිව්යෝර්ක් නුවර ටයිම්ස් චතුරශ්‍රයට සහ උමං දුම්රිය පද්ධතියට පහර දීම කුමන්ත්‍රණකරුවන්ගේ සැලැස්ම වී තිබුණු බව බලධාරීහු පවසති.

මේ සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයෙකු එක්සත් ජනපදයේ සිටි කැනේඩියානු ජාතිකයෙකි.

අනෙක් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් පකිස්තානයේ සිටි අයෙකු වන අතර තුන්වැන්නා පිලිපීනයේ සිටි පුද්ගලයෙකි.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය වෙනුවෙන් 'ප්‍රහාරයන් දියත් කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම' යන චෝදනාව යටතේ ඔවුනට එරෙහිව නඩු පවරා තිබේ.

"මීළඟ 9/11 ප්‍රහාරය" සිදුකිරීමට තමන්ට අවශ්‍යව තිබූ බවට ප්‍රකාශයක් කර ඇතැයි මින් එක් සැකකරුවෙකුට චෝදනා එල්ල වී තිබේ.

සැකකරුවන් තිදෙනා මෙම ප්‍රහාරය සැලසුම් කිරීම සඳහා සාකච්ඡා කර ඇත්තේ අන්තර්ජාලයේ පවතින සන්නිවේදන පහසුකම් යොදා ගනිමිනි.

වෙස්වලා ගත් පසුගිය වසරේදී මෙම ප්‍රහාරය ව්‍යර්ථ කර ඇති නමුත් ඒ පිළිබඳ තොරතුරු හෙළිදරව් වුයේ අධිකරණයේ දී චෝදනා කියවීමෙන් පසුවය.

ෆෙඩරල් රහස් ඔත්තු සේවය (FBI) විසින් යොදවනු ලැබූ තැනැත්තා ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට සහයෝගය දක්වන්නෙකු ලෙස පෙනී සිටිමින් ඉහත කී සැකකරුවන් තිදෙනා සමඟ අදහස් හුවමාරු කරගෙන ඇත.

2001 සැප්තැම්බර් 11වැනිදා නිව්යෝර්ක් නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් (9/11 ප්‍රහාරය) 3000කට ආසන්න පිරිසක් මිය ගියහ.

එම ප්‍රහාරයෙන් පසුව එවකට ඇමරිකානු ජනාධිපතිවරයා වූ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ අතර ඉරාකයට සහ ඇෆ්ඝනිස්ථානයට සිය හමුදා සේනාංක පිටත්කර හැරියේය.

(BBC)

 

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්