ලාස් වේගාස් තුවක්කුකරු පිලිපීනයට ඩොලර් දහස් ගණනක් යවලා

  👤  1641 readers have read this article !
Published by : MB WEB 2017-10-05 15:37:58

ලාස් වේගාස්හි වෙඩි තැබීම සිදුකළ තුවක්කුකරුගේ මිතුරිය වන මැරිලො ඩැන්ලේ (Marilov Danley) පිලිපීනයේ සිට නැවත ඇමෙරිකාවට පැමිණ ඇත.
ලෝස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඇමෙරිකාවට ඇතුළු වූ ඇය ආරක්ෂක බලධාරීන් මුණගැසී ඇති අතර ඇයගෙන් සිදුවීම ගැන ප්‍රශ්න කිරීමට නියමිතය.

මෙම තුවක්කුකරු ඩොලර් දහස් ගණනක් පිලිපීනයට යවා ඇති බව අනාවරණය වී ඇති බව FBI ආයතනය හෙළිදරව් කරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන්ද පර්යේෂණ සිදුකරනු ලැබේ.

ලාස් වේගාස්හි වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව 59ක් දක්වා වැඩිවී තිබේ. තුවාලකරුවන්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති අතර එය 527ක් ලෙස සටහන් වේ.

ලෝකයේ සුප්‍රසිද්ධ කැසිනෝ හා සමාජ ශාලා පිහිටි නගරයක් වන ලාස් වේගාස්හි පිහිටි Mandaky Bay හෝටලයේ සිට එම හෝටලට ඉදිරිපිට පැවැති සංගීත සන්දර්ශනයකට හෝටලයේ 32 වැනි මහලේ සිට 64 හැවිරිදි ස්ටෙෆාන් පැඩ්ඩොක් (Stephen Paddock) නමැත්තා දිගටම වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් මෙම ඛේදවාචකය සිදුවිය.
නෙවාඩාහි පදිංචිකරුවකු වූ ස්ටෙෆාන් සිටි හෝටල් කාමරයේ තිබී පොලිසියේ ආයුධ 23ක් හා පුපුරන ද්‍රව්‍ය සොයා ගෙන ඇත.
එහෙත් මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් සොයාගෙන නොමැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්