මාලිංග එක් දින කණ්ඩායමෙන් ඉවතට

  👤  1196 readers have read this article !
Published by : MB WEB 2017-10-05 12:55:23

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන එක් දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා එක් දින සංචිතය ඊයේ ප්‍රකාශයට පත්කරන ලද අතර එම සංචිතයට වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තෝරාගෙන නොමැතිවීම විශේෂත්වයකි.

පසුගිය එක් දින තරගවලදී මාලිංගගේ දක්‍ෂතාවන්ගෙන් බලාපොරොත්තු වූ තරම් දායකත්වයක් ශ්‍රී ලංකා කණ්ඩායමට නොලැබීම ඔහු මෙසේ ග්‍රැහැම් ලැබ්රෝයිගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුවේ තේරීම් තුළට ඇතුළත් නොවීමට අසන්නම හේතුව බව දැනගන්නට ඇති අතර 15 දෙනෙකුගෙන් යුත් තෝරා ගත් එක් දින සංචිතය මෙසේය.

උපුල් තරංග (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩර්සේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මෙම තරගාවලියේ මේ මස 13දා පැවැත්වෙන තරගයෙන් දෙරට අතර තරග පහකින් යුත් එක් දින තරගාවලිය ඇරැඹේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්