ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා වසර 8කට පසු ශ්‍රී ලංකා පිල ඉන්දියාවට

  👤  1096 readers have read this article !
Published by : MB WEB 2017-10-05 16:29:00

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට්, එක්දින හා විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මේ වනවිට ස්ථිර වී ඇති අතර, තරගාවලියේ තරග කාලසටහනද ප්‍රකාශයට පත්ව තිබේ.

ඒ අනුව තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 16වැනිදා ආරම්භ වන අතර, නිමාවට පත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 6වැනිදාය.
මේ අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය දෙසැම්බර් 10වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර, අවසන් එක්දින තරගය දෙසැම්බර් 17වැනිදා පැවැත්වේ. තවද තරග තුනකින් යුත් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 20වැනිදා සිට දෙසැම්බර් 24වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා 2014 වසරේදීත්, විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් සඳහා පසුගිය වසරේදීත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කර ඇති නමුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් සහභාගිවන්නේ වසර 8කට පසුව වීමද විශේෂත්වයකි.

2009 වසරේදී පැවැති තරග තුනකින් සමන්විත එම ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම 2-0ක් ලෙස ඉන්දියාව හමුවේ පරාජය වී ඇති අතර, 2014 දී පැවැති තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 5-0ක් ලෙසත්, පසුගිය වසරේදී පැවැති විස්සයි-20 තරගාවලිය 2-1ක් ලෙසත් ඉන්දියානුවන් හමුවේ ශ්‍රී ලංකාව පරාජය වී ඇත.

තරග සටහන

පළමු ටෙස්ට් තරගය - නොවැම්බර්
16-20 - කොල්කටා ඊඩ්න්ගාඩ්න්
දෙවැනි තරගය - නොවැම්බර් 24-28 _ නාග්පූර්-විදර්බා ක්‍රීඩා පිටිය
තෙවැනි තරගය - දෙසැම්බර් 02-06 _ නවදිල්ලි-ෆේරොස්ෂාකොට්ලා

පළමු එක්දින තරගය - දෙසැ-10 _ ධරමසාල-හිමචල් ක්‍රීඩාංගණය
දෙවැනි තරගය - දෙසැ. 13 _චන්දිගා හි මොහාලි පිටියේදී
තෙවැනි තරගය - දෙසැ. 17 _ විශාකාපට්නම්

පළමු විස්සයි-20 තරගය - දෙසැ. 20 _ කටාක්හිදී
දෙවැනි තරගය - දෙසැ. 22 _
ඉන්දෝර්-හොල්කර් ක්‍රීඩාංගණය
තෙවැනි තරගය - දෙසැ. 24 _
මුම්බායි-වැන්කඩේ ක්‍රීඩාංගණය

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්