මත්තල ගුවන්තොට විකුණා දැමීමට එරෙහිව ඒකාබද්ධයෙන් උද්ඝෝෂණයක්

  👤  1187 readers have read this article !
Published by : MB WEB 2017-10-04 13:25:59

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට විකුණා දැමීමට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කරන ජනතා උද්ඝෝෂණයක් ඔක්තෝබර් 06 වැනිදා උදෑසන 10ට හම්බන්තොට දී පැවැත්වේ. ඒකාබද්ධ විපක්‍ෂයට සම්බන්ධ වෘත්තීය සමිති රැසක් මෙම උද්ඝෝෂණයට සහාය ලබාදෙන අතර ඒකාබද්ධ විපක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ ආණ්ඩුව මත්තල ගුවන්තොටුපොළ විකුණා දමන්නේ ණය ගෙවීමේ අරමුණින් නොව ඇමෙරිකානු ඩොලර් බිලියන 24ක් වටිනා යුද නැවක් ගෙන ඒමට බවයි.

ඊයේ (03දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම විරෝධතාව මඟින් රජයට දැවැන්ත බලපෑමක් එල්ල කළ හැකිවේ යැයි තමන් විශ්වාස කරන බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්