ප්‍රේම දඩයමේ නපුරු ශේෂාගේ හිත සල්මන් ළඟ නතර වෙලා

  👤  1248 readers have read this article !
Published by : MB WEB 2017-10-03 17:20:12

නාග චම්පා, නාගීනා, නාග කන්‍යා අපට නවමු අත්දැකීම් වුණා. නාග කන්‍යාවන් හා පෙමින් බැඳෙන තරුණයන් අපේ හදවත් කම්පනය කළා. විටෙක නාග කන්‍යාවගේ වෛරය, තරුණයාගේ ප්‍රේමයෙන් සුනු විසුනුව යන සැටි අපි බලා සිටියා.

කාලය ගත වුණා. නාග චම්පා, නාගීනා, නාග කන්‍යා යළි මතක් කරමින් ප්‍රේම දඩයම අප නෙත් මානයේ චිත්‍රණය වුණා. ඉන්දියාවේ ඛ්ධතධපඵ රූපවාහිනියේ විකාශය වූ 'නාගින්' ප්‍රේම දඩයම නමින් අපට සමීප වුණා. ප්‍රේම දඩයම ඪ කොටසේ අපි ආදරය කළ ශිවංගිට සහ රිතික්ට එරෙහිවූ ශේෂා යාවජීව චරිතයක්ව, ප්‍රේම දඩයම ධ්ධ් කොටසින්ද මේ දිනවල අපට දැක ගන්න පුළුවන්.

ශිවන්‍යාට මෙන්ම ශිවංගිටද එරෙහිව නැඟී සිටින ශේෂාද නාග කන්‍යාවක්. සුන්දර රුවක් වෛරයෙන්, කේ‍රා්ධයෙන් රත්වන සැටිත්, ඇය මනාව නිරූපණය කරනවා.

ඇත්තෙන්ම ප්‍රේම දඩයම ධ් කොටසින් මෙන්ම ධ්ධ් කොටසින්ද අපට සමීප වන ශේෂා, සැබැවින්ම සුන්දර තරුණියක්. 1989 මැයි මස 12 වැනි දින ඉන්දියාවේ, මුම්බායිහි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උපත ලද ආදා කාන් (AdQa Khan) තමයි ඒ චරිතය නිරූපණය කරන්නේ. ඇය විසිඅට හැවිරිදි තරුණියක්. නිරූපණ ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙස 2009 වසරේ ක්ෂේත්‍රයට පිවිසෙන ආදා ඛාන් (Adaa khan) වඩා ජනප්‍රියත්වයට පත්වුණේ 'අම්රිත් මන්නානි' හි අම්රිත්ගේ චරිතය හා 'නාගින්'හි ශේෂාගේ චරිතයෙන්.

අඩි 5යි අඟල් 4ක් උස ආදා ඛාන් දුඹුරු පැහැති ඇස් ඇති, කාළ වර්ණ සුන්දර කෙස් කලඹකට හිමිකම් කියන ඉස්ලාම් තරුණියක්. රංගනයේ සුවිශේෂී දස්කම් පාන ආදා විලාසිතාවලට බොහොම ප්‍රියයි. ඒ නිසාම ඇය මා (අම්මා) නමින් සිය අතෙහි පච්චයක් සටහන් කරගෙනද තිබෙනවා. ඇය වඩාත් ප්‍රිය කරන රංගන ශිල්පියා වන්නේ සල්මන් ඛාන්.

තවම විවාහ වී නොමැති ආදා කාන් (Adaa Khan) පෙම්වතියක්. හැබැයි ඒ සල්මන්ගේ නම් නෙමෙයි. ඇය හා පෙමින් බැඳී සිටින්නේ ටෙලි නාට්‍ය නළුවෙක් මෙන්ම නිවේදකයෙක් වන අන්කිත් ගේරා (Ankit Gera). කඩවසම් තරුණයෙක් වන ඔහුගේ වයස අවුරුදු 30ක්.

Palampur Express, Behenein, Amrit Manthan, yeh Hai Aashiqui, Savdhaan India ii, Crime patrol, Piya basanti Re, Cade Red, Naagin (seasons 1 and 2) Pardes mein Hai Mera Dil වැනි සෝප් ඔපෙරාවල රංගනයෙන් දායක වන ආදා ඛාන් නිරූපණ ක්ෂේත්‍රයේ මෙන්ම නිවේදන ක්ෂේත්‍රයේද සුවිශේෂී චරිතයක්.

ඉන්දියානු ටෙලි නාට්‍ය සම්මාන දිනාගත් ඇය වසරේ ජනප්‍රියම නිළිය මෙන්ම දක්‍ෂතම නිළිය බවටත් පත් වෙලා තිබෙනවා. 2016 දී ධ්දඤඪච ව්ඥඹඵ සම්මානය දිනා ගත් ඇය 2017 වසරේ ධ්දඤඪචද ම්චතචතඥචප සම්මාන උළෙලේදී හොඳම නිළිය බවටත් පත්වුණා.
අනුෂා රාජපක්ෂ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්