පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීමට අදට වසර 70යි

  👤  1581 readers have read this article !
Published by : MB WEB 2017-10-03 09:42:53

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ප්‍රථම වරට රැස් වී හැත්තෑ වසරක් සපිරීම අද (3දා) පාර්ලිමේන්තුවේදී විශේෂ සැසිවාරයක් පවත්වා සමරනු ලබයි.

පාර්ලිමේන්තුව ස්වාධීන පාර්ලිමේන්තුවක් වශයෙන් ප්‍රථමයෙන් රැස්වී ඇත්තේ 1947 ඔක්තෝබර් මස 14 වැනිදාය.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයෙහි නොබිඳුණු වාර්තාවක් සමඟින් ආසියානු කලාපයේ තිබෙන වැඩිහිටි සර්වජන ඡන්දයෙන් තේරී පත්වන පැරැණිතම පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේද සහභාගිත්වයෙන් අද පාර්ලිමේන්තුවේ විශේෂ සැසිය පස්වරුවේ ආරම්භ වීමට නියමිතය.

අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක ආර්. සම්පන්දන් යන මහත්වරුන් විසින් ඉදිරි කාලය තුළ මෙම පාර්ලිමේන්තුවටත්, ශ්‍රී ලාංකේය ජනතාවටත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්, ප්‍රතිපත්ති සහ නීතියේ ආධිපත්‍ය තවදුරටත් ශක්තිමත් කරමින් සමෘද්ධිය, සෞභාග්‍යය උදාවේවායි ප්‍රාර්ථනා කරන යෝජනාවක් අද ඉදිරිපත් කරනු ලබයි.

අද පාර්ලිමේන්තුවේ මෙම විශේෂ සැසිවාරය සඳහා විදේශ තානාපතිවරුන් ඇතුළු විශේෂ ආරාධිතයන් රැසක්ම සහභාගි වීමටද නියමිතය.

මෙම සැසිවාරයේදී ජනපති, අගමැති, විපක්ෂ නායක ඇතුළු පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් කතා පැවැත්වීමටද නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්