පද්මාවතී නිසා රන්වීර්ගේ රැවුලට සිදුවුණ දේ

  👤  1206 readers have read this article !
Published by : MB WEB 2017-10-02 17:42:46

පද්මාවතී චිත්‍රපටය දෙසැම්බර් මාසයේ තිරගත වෙන්නට නියමිතයි. තාම තිරගත නොවුණත් මේ චිත්‍රපටය දැනටමත් ජනප්‍රියයි. කඩවසම් නළු රන්වීර් සිංටත් මෙහි ප්‍රධාන චරිතය හිමි වෙනවා.

පද්මාවතී චිත්‍රපටය නිසාම, ගන රුවුලක් වවාගෙන සිටි රන්වීර්ගේ පෙනුමේ දැන් නම් ලොකු වෙනසක් දැකගන්න පුළුවන්. මේ චිත්‍රපටය නිසාම අවුරුද්දකට වඩා ඒකාකාරී පෙනුමකින් සිටි රන්වීර් රැවුල කපලා වෙනස් පෙනුමක් ලබා ගත්ත හේතුව නිසා මේ ගැන මාධ්‍යත් ඔහුගෙන් අදහස් විමසුවා.

"ඇත්තෙන්ම මම මේ චිත්‍රපටය ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ. මේ චරිතය වෙනුවෙන්ම මම රැවුල වැව්වත් තවත් චරිතවලට ලැබෙන අවස්ථා නිසා මට රැවුල කපන්න සිදුවුණා. මේ නිර්මාණය මගේ රසිකයන්ටත් හොඳ අත්දැකීමක් වේවි. මගේ විතරක් නෙවෙයි දීපිකා, ෂාහිඩ්ගෙත් වෙනස් විදියේ රංගනයන් බලාගන්නත් පද්මාවතී හොඳ අවස්ථාවක්."

රන්වීර්ගේ කඩවසම් පෙනුමට, ඔහුගේ ආකර්ෂණීය රැවුල් විලාසිතාවත් හේතු වුණ නිසා රන්වීර්ට විතරක්ම නෙවෙයි රන්වීර්ගේ රසිකයන්ටත් මේක ලොකු වෙනසක් වේවි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්