සිහිනයකි රෑ පොලිස්පතිවරයාගේ තේරීමකට යටත් වෙයි

  👤  468 readers have read this article !
Published by : MB WEB 2017-09-30 17:26:42

'පොලිසිය' යන නම ඇසූ සැණින් මෙරට බහුතරයක් වූ ජනතාවගේ මනසේ ඇති වන්නේ බිය මුසු තත්ත්වයකි. 'පොලිස් නිලධාරියකු' අපි සමාජය හඳුන්වන්නේ හිතක් පපුවක් නැති, දරදඬු නීතිය පමණක් විමසන පුද්ගලයකු ලෙසයි.

නමුත් ශ්‍රී ලංකා පොලිසිය තුළද සුන්දර මිනිස්සු නැතුවාම නොවෙති. මේ අතර සින්දු කියන, නර්තනයේ යෙදෙන, චිත්‍ර අඳින පොලිස් නිලධාරීන්ද සිටී.

මා මේ කියන්න යන්නේ එවැනි පොලිසියේ සුසංයෝගයක් ගැනය.

මේ දිනවල රූපවාහිනියේ අංක එකේ ගීතමය වැඩසටහනක් වන 'සිහිනයකි රෑ' වැඩසටහනට ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයා පැමිණියේය.

පූජිත් ජයසුන්දර වන ඔහු මෙම වැඩසටහනේ ගීත 10ක් තෝරන අතර ඊට ගීත විචාරයක්ද ලබා දීමේ සුන්දරතම කර්තව්‍යයට අත ගසා තිබුණේය. එහිදී සිය පෞද්ගලික ජීවිතය, රාජකාරි ජීවිතය විවර කළ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මවුගුණ ගී ගයද්දී සංවේදී වන අවස්ථාද කැමරා කාචයේ සටහන් වී තිබිණි.

පොලිස්පතිවරයා තෝරන ගී ගයන්නේද ශ්‍රී ලංකා පොලිසියේම දෙදෙනෙකි.

ඉන් එක් අයකු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. අනිත් තැනැන්තිය කාන්තා පොලිස් කොස්තාපල්වරියකි.

නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මේ වනවිට මාතර සහ හම්බන්තොට දිසාව භාර නිලධාරියා ලෙස රාජකාරි කටයුතු සිදු කරමින් සිටී. ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශේ‍ර්ණියේ ගායකයකුද වීම විශේෂත්වයකි. මෑතකදී ඔහුගේ සංයුක්ත තැටියක්ද නිකුත් වීමට නියමිතය.

කාන්තා පොලිස් කොස්තාපල් අනුෂා පෙරේරා කළුතර පොලිස් විද්‍යාලයේ රාජකාරි කටයුතු සිදු කරමින් සිටින්නියකි.

පොලිස් උත්සව ගණනාවකදී ඇගේ ගී හ¾ඩින්, පැමිණිය වුන් රස ගන්වන්නටද ඇය දක්වන දායකත්වය අපමණය.

මෙම සුන්දර හඬ මුසු වූ 'සිහිනයකි රෑ' වැඩසටහන අද (01) රාත්‍රි 10.10ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වීමට නියමිතය.

වැඩසටහන ඉදිරිපත් කිරීම මහේෂ් නිශ්ශංක විසින් සිදු කරනු ලැබේ.

එහි සංගීත මෙහෙයවීම විශාරද අජිත් දර්ශන ජයවීර විසින් සිදු කරනු ලබන අතර ශබ්ද පරිපාලනය මිලින්ද ප්‍රියදර්ශන විසින් සිදු කරනු ලබයි.

ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත් 'සිහිනයකි රෑ' වැඩසටහන මෙවර පවත්වන ලද 22 වැනි සුමති සම්මාන උළෙලේදී හොඳම සංගීතමය වැඩසටහනට හිමි සම්මානය හිමි කර ගැනීමද එහි සුවිශේෂත්වයකි.

චාමර අමරසූරිය

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්