පුංචි ඡන්දයට එජාපයෙන් නාමයෝජනා කමිටු 17ක්

  👤  1138 readers have read this article !
Published by : MB WEB 2017-09-30 12:36:29

දෙනගම ධම්මික රණවීර

ත පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය නාම යෝජනා කමිටු 17ක් පත්කොට ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි. පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂක අපේක්ෂිකාවන් සම්බන්ධ තෝරාගත් නාම ලේඛන ඔක්තෝබර් මාසයේදී අවසන් කරන ලෙස එජාප නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම නාම යෝජනා මණ්ඩලවලට දන්වා ඇත.

තෝරාගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

සියලු ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි කාන්තාවන්ටද වැඩි නියෝජනයක් ලබාදෙමින් අපේක්ෂකයන් තෝරාගැනීම සිදුකරන බවත් සියලුම පළාත් පාලන ආයතන නියෝජනය වන පරිදි අපේක්ෂයන් ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක වක්කුඹුර මහතා "මව්බිම"ට පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලනිප කණ්ඩායමත් ඒකාබද්ධව පොදු ලකුණකින් මැතිවරණයට ඉදිරිපත්වීමට මුලදී යෝජනාවක් තිබුණත් එජාපය සමඟ සබඳතා පවත්වාගෙන යන්නේ නම් එවැනි එකඟතාවකට පැමිණීම ඒකාබද්ධ විපක්ෂය ප්‍රතික්ෂේප කර තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්