අශෝක, කෞර්වකී ඉතිහාසයෙන් මෙපිටට

  👤  1709 readers have read this article !
Published by : MB WEB 2017-09-25 17:33:04

අශෝක අධිරාජ්‍යයාගේ චරිතය ලාංකික අපට සුවිශේෂීයි. බුදු දහම අප රටේ ව්‍යාප්ත වීමට ලැබුණු සුවිශේෂී දායකත්වය එයට එක් හේතුවක්. අශෝක අධිරාජ්‍යයාගේ චරිතය පාදක කර ගනිමින් මේ දිනවල විකාශය වන ටෙලි කතා මාලාව නිසා යළි ඒ මතකයට ජීවය ලැබිලා තියෙනවා.

අපි මේ දිනවල රසවිඳින්නේ ඉන්දියාවේ Colors TV හි 2015 පෙබරවාරි දෙවැනිදා සිට 2016 ඔක්තෝබර් 07 වැනිදා දක්වා විකාශය වූ Chakaravartin Ashoka Samrat නම් ඉන්දීය ඓතිහාසික ටෙලි කතා මාලාවයි. කොටස් 442 කින් යුතු "අධිරජ ධර්මාශෝක" ටෙලි කතා මාලාව අධ්‍යක්ෂණය කළේ ප්‍රසාද් ගවන්ධි.

මේ දිනවල බාල, තරුණ, මහලු කොයි කාගේත් අවධානයට ලක්ව ඇති ටෙලි නාට්‍යයක් බවට "අධිරජ ධර්මාශෝක" ටෙලි කතා මාලාව පත් වෙලා. "අශෝක්" චිත්‍රපටයෙන් පසු අශෝක අධිරාජ්‍යයාගේ රූපය අපි දුටුවේ ඉන්දීය ජනප්‍රිය නළු ෂාරුක් ඛාන්ගේ රූපය තුළින්. ඒ ඔහුගේ රංගනය අප සිත් වසඟයට ගත් නිසා. "අධිරජ ධර්මාශෝක" ටෙලි කතා මාලාවේ අශෝකගේ චරිතයට පණ පොවන සිද්ධාර්ත් නිගම් (Siddharth Nigam)ගේ චරිතය ප්‍රතික්ෂේප නොකර වැලඳගන්නේ ෂාරුක් ඛාන් අප නෙත් මානයේ මවා තිබූ අශෝක චරිතය වඩාත් සුන්දරව යළි රූපණය කරන නිසා.

ඔහු 2000 සැප්තැම්බර් 13 උපත ලබන්නේ උතුරු ඉන්දියාවේ, අලහබාත්වල. ඉතා දක්ෂ ජිම්නාස්ටික් ශූරයෙක් වන සිද්ධාර්ත් නිගම් රන් සම්මාන කිහිපයක්ම දිනා ගෙන තිබෙනවා. ඔහු කලාවට පිවිසෙන්නේ 2013 දී. ඒ Dhoom  3 චිත්‍රපටයෙන්. අමීර් ඛාන්ගේ කුඩා කාලයට පණ පොවන මොහු ඉන් පසු ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වී තිබෙනවා.Maha Kumbh Ek Rahasaya, Ek Kahan, Jhalak Dikhhla Jaa 9, Peshwa Bajirao Chandra Nandini යනාදී නිර්මාණවලටත් ඔහු ලබාදී තිබෙන රංගන දායකත්වය විශේෂ වෙනවා.

මනා විශ්වාසයකින්, කැපවීමෙන්, කටයුතු කරන සිද්ධාර්ත් නිගම් තම දක්ෂතා වැඩිදියුණු කර ගැනීමට සැම විටම අභ්‍යාස කරන බවත්, තම රුව මෙන්ම ශරීරය ක්‍රමවත්ව පවත්වාගෙන යෑමටත් වෙහෙස වන බවත් පැවසෙනවා. රංගනයේ අනාගත බලාපොරොත්තු තැබිය හැකි රංගන ශිල්පියෙක් ලෙස ඉන්දීය කලා ක්ෂේත්‍රයේ සිද්ධාර්ත් නිගම්ගේ නාමය සටහන් වෙනවා.

ජනප්‍රියම ළමා නළුවා සම්මානය, හොඳම නළුවා සම්මානය, Most Stylish Debut, Best Actor Debut – Male ආදී සම්මානයන්ගෙන් පිට පිට කිහිපවරක් පිදුම් ලද සිද්ධාර්ත් නිගම් "අධිරජ ධර්මාශෝක" ටෙලිකතා මාලාව වෙනුවෙන් සම්මාන 05ක් ලබා ගෙන තිබෙනවා.

"අධිරජ ධර්මාශෝක" ටෙලි කතා මාලාවෙන් අපට හමුවූ කෞර්වකී සුන්දර නව යෞවනියක්. අශෝක කෙරෙහි ඇල්මක් ඇති ඇය ඔහු හා විවාහ වීමේ අපේක්ෂාවෙන් පසු වෙනවා. කාලිංගයෙහි රජ කුමරිය ලෙස "අශෝක්" චිත්‍රපටයෙත්, "අධිරජ ධර්මාශෝක" ටෙලි කතාමාලාවෙත් දැක්වුවද ඇය ධීවරයකුගේ දියණියක ලෙසද සඳහන් වෙනවා. කෞර්වකී අශෝකගේ දෙවැනි බිරියයි. ඇය අශෝකගේ ප්‍රියතම බිසව ලෙසත් හැඳින්විය හැකියි. එයට හේතුව අශෝක ලිපි බහුතරයක ඇගේ නම සඳහන් නිසා. ඇය පසු කලෙක බුදු දහම වැලඳගත් බවත් ඇය නිසා අශෝකගේ ගමන් මඟ වෙනස් වූ බවත් පැවසෙනවා. අශෝකගේ අග බිසව දේවි වන අතර පද්මාවතී, අසන්ධිමිත්‍රා, තිරාක්ෂා යනුවෙන් බිසෝවරු පස් දෙනෙක් අශෝක රජුට සිටි බව ද සඳහන් වෙනවා.

"අධිරජ ධර්මාශෝක" ටෙලි කතා මාලාවේ කෞර්වකීගේ චරිතයට පණ පොවන්නේ රීම් සමීර් ශයිකා (Reem Sameer Shaikh). R¥x Neer Bhare Tere Naina Devi, Na Aana Is Des Laado, Me Aajji Aur Sahib, The Suite Life of Karn & Kabir, Ba  Bole Tum, Na Maine Kuch Kaha, Yeh Rishta Kya Kehlata Hai, Khelti Hai Zindagi Micholi, Best of Luck Nikki ආදී ටෙලි නිර්මාණ මෙන්ම සිනමා නිර්මාණ රැසකට දායක වූ නව යෞවනියක්. ලංකාවේ විකාශනය වන සප්නා ටෙලි කතා මාලාවේ මිසලිගේ චරිතය නිරූපණය කරන්නේද ඇයයි.

අනූෂා රාජපක්ෂ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්