ලලිත්ට අනූෂට ඇප

  👤  1314 readers have read this article !
Published by : MB WEB 2017-09-20 17:33:52

බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් කොන්දේසි සහිත ඇප මත නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය විසින් අද(20) නියෝග කරනු ලැබුවා.

පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාහැරීමක් මගින් රජයේ මුදල් සාවද්‍ය අයුරින් පරිහරණය කිරීමේ චෝදනාව මත ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන අය වරදකරුවන් බවට කොළඹ මහාධිකරණය පසුගියදා තීන්දු කර තිබිණි.

ඒ අනුව පසුගිය සැප්තැම්බර් 06 වෙනි දා පණවනු ලැබූ තෙවසරක සිර දඬුවමට එරෙහිව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට ඉදිරිපත්කර තිබුණු අභියාචනය සළකා බැලූ කොළඹ මහාධිකරණය එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔවුන් මුදා හැරිමට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.


මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්