ක්‍රීඩාවෙන් සමුගත් බෝල්ට් කෑම බිස්නස් එකට බහී

  👤  1876 readers have read this article !
Published by : MB WEB 2017-09-20 16:36:00

බර්ගර්ස්, චිකන් නගට්ස් වැනි ආහාරවලට මහත් රුචියක් දක්වන උසේන් බෝල්ට් "ට්‍රැක්ස් ඇන්ඩ් රෙකෝඩ්ස්" නමින් අවන්හල් 15ක් එංගලන්තය පුරා විවෘත කිරීමට සූදානම් වෙනවා.

ඒ ඔහු කොටස්කරුවකු ලෙස කටයුතු කරන ජැමෙයිකාවේ "ෆ්‍රැන්ජෑම්" සමාගම සමඟ එක්වයි. මෙම අවන්හල්වලින් ජැමෙයිකාවේ සුප්‍රකට ජර්ක් පෝක්, ජන්ගා සුප් සහ පෑන් චිකන් ආදී ආහාර මෙන්ම උසේන්ටම විශේෂ වූ "බර්ගර්ස් ෂ ලා උසේන්" වැනි ආහාර වර්ගවල රස බැලිය හැකි බව මාධ්‍ය අනාවරණය කොට තිබුණා.

"ලන්ඩනය කියන්නේ මට සුවිශේෂී තැනක්. මං හිතන්නේ අපේ දැක්ම හා සංස්කෘතිය හුවමාරු කරගන්න මීට වඩා සුදුසු තැනක් තවත් නැහැ" ඔහු පවසනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්