20 අද ගේනවා: අතුරුදන් කිරීමේ කෙටුම්පත නෑ

  👤  1657 readers have read this article !
Published by : MB WEB 2017-09-20 12:24:22

හර්ෂණී අර්සකුලරත්න

පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට අනුව අද (20දා) 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කන්දඋඩරට උරුමය පිළිබඳ ඇමැති එස්.බී. දිසානායක පවසයි.

නමුත් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන නොඑන බවද මේ පනත සම්මත වීමෙන් පසු ක්‍රියාත්මක වන්නේ අනාගත ක්‍රියාවලීන් සඳහා පමණක් බවද ඇමැතිවරයා මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවැසීය.

අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා ඊයේ (19දා) එසේ පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්