චන්දනගෙන් රාමායනයට අලුත් අර්ථකථනයක්

  👤  2536 readers have read this article !
Published by : MB WEB 2017-09-19 17:44:04

මේ දවස්වල සෑහෙන කාර්යබහුල වෙලා මොනවා කරන්නද මේ ලෑස්ති වෙන්නේ?

අපි මුද්‍රා නාට්‍යයක් කරනවා අවුරුදු දහයකට විතර පස්සේ. මම අන්තිමට මුද්‍රා නාට්‍යයක් කළේ 2005දී. "ස්වර්ණවාහිනිය" වෙනුවෙන් අපි "මයුර සංදේශය" නිර්මාණය කළා. එහි නිර්මාණ අධ්‍යක්‍ෂවරයා වුණේ හේම නලින් කරුණාරත්න. සංගීත අධ්‍යක්‍ෂණය කළේ ජගත් වික්‍රමසිංහ. ඒ මුද්‍රා නාට්‍යයෙන් පස්සේ මුද්‍රා නාට්‍යයක් කරන්න වුණේ නැහැ. මයුර සන්දේශයෙන් බොහොම කාලයකට පස්සේ "ඉබධපර ධට ඉඥඥබඩච" කියන මුද්‍රා නාට්‍ය එළි දැක්වෙනවා.

මුද්‍රා නාට්‍ය හා හා පුරා කියලා වේදිකා ගත වෙන්නේ කවද්ද?

සැප්තැම්බර් මාසේ 29 වැනිදා හවස හයයි තිහට බිෂොප් රඟහලේදී මෙය වේදිකා ගත වෙනවා. "ඉබධපර ධට ඉඥඥබඩච" කියන්නේ අපි හැමදාම දකින රාමායනය නෙවෙයි.

උපන් දිනය වෙනුවෙන් ද බැලේ එක කරන්න හිතුණේ?

අවුරුදු ගාණක් මම මේ ක්‍ෂේත්‍රයේ හිටියා. මේ ක්‍ෂේත්‍රය තුළ මට යම් ස්ථානයක් තියෙනවා කියලා මට හැඟිලා තියෙනවා. ලංකාව තුළ සහ ජාත්‍යන්තරය තුළ මට කකුල් දෙකෙන් හිටගන්න පුළුවන් නර්තන කණ්ඩායමක් සහ කලායතනයක් තියෙනවා කියලා දැනිලා තියෙනවා. චන්දන වික්‍රමසිංහ රංගායතනය අතිශය ජනප්‍රියයි කියලා අපි දන්නවා. මම හිතුවා මට අවුරුදු පනහක් වෙද්දී මුද්‍රා නාට්‍යයක් වගේ දෙයක් කරන එක හොඳයි කියලා. මේක ටිකට්වලට කරන දෙයක් නොවෙයි. ආරාධිතයෝ වෙනුවෙන් තමයි මේ මුද්‍රා නාට්‍ය පෙන්වන්නේ. මගේ උපන් දින සාදය වෙනුවට මේ මුද්‍රා නාට්‍ය පෙන්වන්නේ. මේ වැඩේට විශාල පිරිවැයක් දරලා තියෙනවා. තනිකරම මගේ රංගායතනයේ නිෂ්පාදනයක්. ලෝකෙට ගෙනියන්න පුළුවන් දෙයක් කරන්න ඕන නිසයි මෙය කළේ.

මෙයට රාමායණය පාදක වෙන්නේ කොහොමද?

රාමායණය මුළු ලෝකෙම දන්න ඉතිහාස කතාවක්. මම නිතරම ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන නිසා ලෝකෙට අරන් යන්න පුළුවන් කතාවක් නිර්මාණය කරන්න අවශ්‍ය වුණා. රාමායණය කතාවේ භාගයක් අපටත් අයිතියි. රාමායණය තුළ තිබෙන සීතාගේ, දවස් දෙකක කතාන්දරය මේ මුද්‍රා නාට්‍ය ඇතුළේ දිග හැරෙනවා.

සීතාව රාවණා බලෙන් අරන් ගියාට පස්සේ සීතා මඟ බලන් ඉන්නවා එයා ආදරය කරන රාමා ඇවිත් එයාව බේරගෙන යනතුරු. රාමා ඇවිත් රාවණා විනාශ කරලා සීතාව බේරගන්න යද්දී තමන් මුළු හදින්ම ආදරය කරන රාමා වීරයෙක් කියලා සීතා හරිම උද්දාමයෙන් ගී ගායනා කරනවා.

ඒත් පුංචි කාරණයක් මුල් කරගෙන සීතාගේ මුළු ආදරය, ඇගේ පති භක්තිය ගින්නෙන් පරීක්‍ෂා කරන්න රාමා තීරණය කරනවා. මුළු හදවතින්ම තමන්ගේ ස්වාමියාට විතරක් ප්‍රේම කළ සීතාගේ හදවතට ඒ අවස්ථාවේදී මොනවා දැනෙන්න ඇතිද? ඒක කාන්තාවකට කරන අතිශයින් ලැජ්ජා සහගත ක්‍රියාවක්. අග්නි පරීක්‍ෂාවෙන් සීතාගේ පති භක්තිය ඔප්පු වුණත් ඇය අවසානයේ වන ගත වෙන්න තීරණය කරනවා.

සීතාගේ සිතිවිලි ගැන වගේම තමන්ගේ බිරියට චෝදනා කළ රාමාගේ සිතිවිලිත් මේ මුද්‍රා නාටකය ඇතුළේ දිග හැරෙනවා. වාල්මිකි එක විදියකට රාමායනණය ලිව්වා. චන්දන වික්‍රමසිංහ තව විදියකට රාමායණය ලියනවා.

අවුරුදු ගාණක නිහැඩියාවකට පස්සේ වේදිකාවට මුද්‍රා නාට්‍යයක් අරගෙන එන්න උදවු කරන පිරිවර ගැනත් කියමු නේද?

මේ මුද්‍රා නාට්‍ය ඇතුළේ පේශල මනෝජ් අතිශය ප්‍රබල සංගීතයක් නිර්මාණය කරනවා. පේශල කියන්නේ ලංකාවේ අනාගත සංකලන සංගීතයේ සංගීත සලකුණක් කියන කාරණය පෙන්නුම් කරලා තියෙනවා. මේ කතාව පුරාම අතිශය නිර්මාණශීලී සංගීතයක් දිවෙනවා.

පේෂලව මේ වැඩේට සම්බන්ධ කරගන්න විශේෂ කාරණාවක් තිබ්බද?

පේශල තුළ අපි දකින තබ්ලා වාදකයාටත්, රූපවාහිනි මාධ්‍ය තුළ දකින නිවේදකයාටත් එහා ගිය සංගීතඥයෙක් ජීවත් වෙනවා. ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්ත දක්‍ෂ වාදකයෙක් හරහා බිහිවුණු, දක්‍ෂ සංගීතඥයෙක් විදිහට පේෂල එදාට එළි බහිනවා.

තවත් විශාල පිරිසක් මේ වටා ඉන්නවා නේද?

මේකේ සියලුම ගීත රචනා කළේ රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා. මගේ මුද්‍රා නාට්‍යයේ ප්‍රධාන ගීතය වුණ "සීතාපති," ගීතය ගයන්නේ නන්දා මාලනී මහත්මිය. ඉන්දියාවේ ඉගෙන ගත්ත ඉතා ප්‍රබල හඬක් තියෙන අසිත අතපත්තු සහ බෙංගාලි ගායිකාවක් වුණ තිළණි රොද්‍රිගු යාදෙව් මෙහි අනෙක් ගීත ගයනවා. හීනටිගල ප්‍රේමදාස මහත්තයා වේදිකා පසුතල නිර්මාණය කරනවා. වේදිකා පරිපාලනය සහ ආලෝකකරණ අධ්‍යක්‍ෂණය කරන්නේ උපාලි ආරියසිරි. ඇඳුම් නිර්මාණය කරන්නේ හිරාන් විජේසේකර.

ආරාධිතයන්ට විතරක් සීතාගේ කතාවට ආරාධනා කරද්දී වන්දන වික්‍රමසිංහගේ නර්තන ශෛලියට ආදරය කරන අයට මොකද වෙන්නේ?

අපි එක්ක නිතරම ගනුදෙනු කරන දන්න කියන අයට අපි ආරාධනාපත් යවනවා. නමක් ලිපිනයක් දන්නේ නැති, අපිට ආදරය කරන, මේ කලාවට ආදරය කරන, 200 දෙනෙක් වෙනුවෙන් එදාට අසුන් වෙන් වෙනවා. ඉබධපර ධට ඉඥඥබඩච කියන ෆේස්බුක් පිටුව හරහා ඉල්ලීමක් කළොත් ආසනයක් වෙන් කරගන්න පුළුවන්.

සවනි ශේශාධි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්