20 වැනි සංශෝධනය සම්මත නොවුණොත් ඡන්ද විමසීමේ නිවේදනය ඔක්තෝබරයේ නිකුත් කරනවා

  👤  1977 readers have read this article !
Published by : MB WEB 2017-09-14 15:09:45

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී ඉදිරි දින විස්ස තුළ සම්මත නොවුණහොත් පළාත් සභා තුනක ඡන්ද විමසීම සඳහා වන නිවේදනය ඔක්තෝබර් 02 වැනිදා නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කරයි.එම ව්‍යවස්ථාසංශෝධනය පිළිබඳ
ශේ‍ර්ෂ්ඨාධිකරණ තීන්දුවද ලැබී පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වුවහොත් පළාත් සභා තුනේ ඡන්ද විමසීමේ දිනය එදින ප්‍රකාශයට පත් නොකොට සම්මත වූ සංශෝධනය ප්‍රකාරව කටයුතු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

ඔක්තෝබර් 02 වැනිදා ඡන්දය පිළිබඳ නිවේදනය නිකුත් කළහොත් දෙසැම්බර් මාසයේදී පළාත් සභා තුනේ ඡන්දය පැවැත්වීම සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා සමඟ සාකච්ඡා කර සෙනසුරාදා දිනයක් වෙන් කර ගන්නා බවද හෙතෙම කීවේය.

නැඟෙනහිර සහ සබරගමුව පළාත් සභා දෙකේ නිල කාලය ලබන සැප්තැම්බර් 30 වැනිදාත්, උතුරු මැද පළාත් සභාවේ නිල කාලය ඔක්තෝබර් 01 වැනිදාත් අවසන් වීමට නියමිත බවත් ඒ අනුව තව දින විස්සකින් ඡන්දය නිවේදනය කළ යුතු බවත් සභාපතිවරයා කීවේය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එසේ පැවැසුවේ මැතිවරණ කොමිසම සහ පැෆරල් සංවිධානය සාමාජිකත්වය දරන ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය එකාබද්ධව 2018 වසරේ ශ්‍රී ලංකාවේ පවත්වන කලාපයේ සියලු මැතිවරණ දෙපාර්තමේන්තු හා කොමිෂන් සභා යන නියෝජිතයන් හා මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල සමුළුව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමට මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පෙරේදා (12දා) අස්සන් කළ අවස්ථාවේදීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්