සිල් රෙදි සිරකරුවන් වෙනුවෙන් හෙට කොළඹ පිණ්ඩපාතයක්

  👤  2349 readers have read this article !
Published by : MB WEB 2017-09-14 14:26:49

සිල් රෙදි සිරකරුවන් බේරා ගැනීමේ අරමුදලට සහාය පළකරමින් ශ්‍රී ලංකා ජාතික සංඝ සභාව මඟින් සංවිධානය කරනු ලබන විශේෂ පිණ්ඩපාත චාරිකාවක් හෙට (15දා) පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ.

කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානය ඉදිරිපිටින් පෙරවරු 8.30ට ආරම්භ වන පිණ්ඩපාත චාරිකාව කොළඹ නගරය පුරා වැඩම කරවීමට නියමිතය.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය පසුගියදා සිල් රෙදි බෙදාහැරීමේ සිද්ධියකට වරදකරුවන් කර සිරගත කරමින් රුපියල් ලක්ෂ 20 බැගින් දඩ සහ කෝටි පහක් බැගින් වන්දි ගෙවීමට අධිකරණයෙන් නියම විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්