වයඹ - උතුරු මැද තව මාස දෙකකින් අර්ධ කාන්තාර වේවි

  👤  1290 readers have read this article !
Published by : MB WEB 2017-09-13 17:21:13

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

ඉදිරි මාස දෙක ඇතුළත මෙරට දිස්ත්‍රික් කිහිපයක අර්ධ කාන්තාර දේශගුණික තත්ත්වයක් ඇති විය හැකි බවට කාලගුණය පිළිබඳව විශේෂඥයන් අනතුරු අඟවයි.

ඒ අනුව මෙම අර්ධ කාන්තාර දේශගුණික තත්ත්වය උතුරු මැද හා වයඹ පළාත්වලට බලපානු ඇතැයි කාලගුණය පිළිබඳව විශේෂඥයෝ අනතුරු අඟවති.

මේ සම්බන්ධයෙන් කාලගුණය පිළිබඳව විශේෂඥයන් සකස් කරන ලද වාර්තාවක් පසුගියදා රජය වෙත භාරදී තිබේ.

ඒ අනුව එම වාර්තාව පදනම් කරගනිමින් ඉදිරියේදී ඇති වෙතැයි අපේක්ෂා කරන කාලගුණික විපර්යාසයට මුහුණදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්