ධීවර වරාය ටිකත් පිටරටට බදු දෙන්න හදනවා

  👤  1761 readers have read this article !
Published by : MB WEB 2017-09-13 10:05:53

අනුරාධා හේරත්

එකසිය හැටනව කෝටි විසිහත් ලක්ෂ පනස් තුන්දහස් නවසිය පනහක (169,27,53,950) සම්පූර්ණ තක්සේරු වටිනාකමින් යුත් මෙරට සියලු ධීවර වරායන් වසර 30කට විදේශ සමාගමකට පැවැරීමට ආණ්ඩුව කටයුතු යොදා ඇතැයි ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් හෙළි කරයි.

2016 ඔක්තෝබර් 12දා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුමත වී ඇති අතර ඒ සඳහා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා එවකට මුදල් ඇමැති රවි කරුණානායක යන අය සිය නිරීක්ෂණද ඒ සඳහා ඉදිරිපත් කර ඇති බවත් එය තහවුරු කර ඇති බවත් මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

විජිත හේරත් මහතා පවසන්නේ දැනට රටේ ධීවර වරායන් 20ක් ක්‍රියාත්මක වන අතර ගොඩනැඟෙමින් හා යෝජනා වී ඇති සියලු වරායන් ප්‍රමාණය 30ක් බවත් එහි සියලු තක්සේරු වටිනාකම 169,27,53,950ක් බවත්ය.

ඊට කොළඹ මූලස්ථානයද ඇතුළත් බව ඔහු පවසයි.

එම සියලු වරායන් පවතින්නේ දකුණු ප්‍රදේශයේ වන බව පවසන හේරත් මහතා චෝදනා කෙළේ ධීවර හා ජලජ සම්පත් භාර අමාත්‍ය මහින්ද අමරවීර හා නියෝජ්‍ය අමාත්‍යවරයාත් දකුණු ප්‍රදේශයේ වීම මෙම බදුදීම සමඟ විශේෂත්වයක් වීම වැදගත් බවයි.

මෙම බදු දීමේ ක්‍රියාවලිය හේතුවෙන් ධීවර කර්මාන්තයට මෙන්ම රටේ ජාතික ආරක්ෂාවට මරු පහරක් එල්ල වන අතර ජන ජීවිතයද ඉතාම බරපතළ තත්ත්වයට ඇදවැටෙන බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්