දොස්තරලා අද සිට දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වර්ජන

  👤  1916 readers have read this article !
Published by : MB WEB 2017-09-12 09:44:42

ජේ. ටී. ද සිල්වා

සයිටම් නීතිගත කිරීමේ අරමුණු සහිත වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාරදීමට යෑම පිළිබඳ විරෝධය පළ කිරීම සඳහා වෛද්‍යවරුන් අද (12දා) සිට දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කය රෝහල්වල දින හතරක් එක් දින වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කරයි.

ඒ අනුව යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකළපුව, නුවරඑළිය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක නවයෙහි රෝහල්වල අද (12දා) එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කෙරෙන බව රජයේ වෛද්‍ය සංගමය පවසයි.

වවුනියාව, මාතලේ, අම්පාර, බදුල්ල, මොනරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කවල රෝහල්වල වෛද්‍යවරුන් හෙට (13දා) එක්දින වැඩ වර්ජනයක නිරත වනු ඇත.

අනුරාධපුරය, කුරුණෑගල, නුවර, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක පහේ රෝහල්වල වෛද්‍යවරුන් අනිද්දා (14දා) එක් දින වැඩ වර්ජනයක නිරත වන බව එම සංගමය සඳහන් කරයි.

පුත්තලම, ගම්පහ, කෑගල්ල, කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්කයන්හි රෝහල්වල සේවයෙහි නියුතු වෛද්‍යවරු 15දා එක්දින වැඩ වර්ජනයකට සහභාගි වීමට නියමිත බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්