සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ ශූරතාවලිය

  👤  1679 readers have read this article !
Published by : MB WEB 2017-09-11 10:42:39

විචිත්‍ර වීරසිංහ _ යාපනය ‍ෙදාරෙයිඅප්පා ක්‍රීඩාංගණයේ සිට..

නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධායකත්වයෙන් ඊයේ (10දා) යාපනයේදී අවසන් වූ සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ මලල ක්‍රීඩා ශූරතාවලියේ බාලිකා හා මිශ්‍ර පාසල් සමස්ත ශූරතා දෙකම පිළිවෙළින් ප්‍රසාද ලකුණු 112ක් හා 172ක් ලබාගත් වලල ඒ. රත්නායක විදුහල් කණ්ඩායමට හිමි වූ අතර, බාලක සමස්ත ශූරතාව ප්‍රසාද ලකුණු 83ක් ලබාගත් කොටහේන ශා. බෙනඩික් විද්‍යාලයීය කණ්ඩායමට හිමිවිය.

යාපනය ‍ෙදාරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී පසුගිය සිකුරාදා සිට පැවැති මෙම තරගාවලියට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, මේ හේතුවෙන් අපේක්‍ෂිත දක්‍ෂතා දැක්වීමට ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට නොහැකි වී තිබිණි.

වයස් කාණ්ඩ 5ක් යටතේ පැවැති මෙම තරගාවලියේ අවුරුදු 12න් පහළ බාලක ශූරතාව මහනුවර ත්‍රිත්ව විදුහලට හිමිවූ අතර, බාලිකා ශූරතාව දිනාගන්නා ලද්දේ මීගමුව ආවේ මරියා කන්‍යාරාමය විසිනි.

අවුරුදු 14න් පහළ බාලක හා බාලිකා ශූරතා පිළිවෙළින් බම්බලපිටිය ශා. පීතර හා නාවල ජනාධිපති බාලිකා යන විදුහල් කණ්ඩායමට හිමිවෙද්දී අවුරුදු 16න් පහළ බාලක හා බාලිකා ශූරතා පිළිවෙළින් හිමිවූයේ පන්නිපිටිය ධර්මපාල හා කුරුණෑගල සර් ජෝන් කොතලාවල යන විදුහල් කණ්ඩායම්වලටය.

තවද අවුරුදු 18න් පහළ බාලක හා බාලිකා ශූරතා කොටහේන ශා.බෙනඩික්ට් හා වලල ඒ. රත්නායක විදුහල් කණ්ඩායම් දිනාගනිද්දී අවුරුදු 20න් පහළ බාලිකා ශූරතාව වලල ඒ. රත්නායක විදුහල් කණ්ඩායමටත්, එම වයස් කාණ්ඩයේ බාලක ශූරතාව මීගමුව මාරිස්ටෙලා විදුහල් කණ්ඩායම විසිනුත් දිනාගනු ලැබීය.

ඊයේ පෙරවරුවේදී පැවැති තරග ප්‍රතිඵල
අවුරුදු 18න් පහළ (බාලක) මීටර් 4×200
1.කොටහේන ශා.බෙනඩික් _ වි:1:32.04, 2. කොළඹ රාජකීය _ වි:1:34.01, 3. මීගමුව මාරිස්ටෙලා - වි:1:34.04
අවුරුදු 18න් පහළ (බාලිකා) මීටර් 4×200
1.වලල ඒ. රත්නායක _ වි:1:51.07 2. කොළඹ මියුසියස් - වි:1:52.1, 3.කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහල _ වි:1:52.04
අවුරුදු 20න් පහළ (බාලිකා) මීටර් 4×200
1.වලල ඒ. රත්නායක - වි:1:50.05 , 2. අඹගමුව මැදි විදුහල - වි:1:51.01. 3. රත්නපුර සුමන බාලිකා වි:1:52.02
අවුරුදු 20න් පහළ (බාලක) මීටර් 4×200
1.කොටහේන ශා.බෙනඩික්ට් _ වි:1:32.03, 2. මීගමුව මාරිස්ටෙලා - වි:1:33.01, 3. බම්බලපිටිය ශා.පීතර _ වි:1:33.09
අවුරුදු 18න් පහළ (බාලිකා) මීටර් 4×400
1.වලල ඒ. රත්නායක _ වි:4:15.00, 2. කුරුණෑගල සර් ජෝන් කොතලාවල- වි:4:23.09, 3.මහඋස්සාවැව සිරි රත්නපාල විදුහල _ වි:4:27.05
අවුරුදු 18න් පහළ (බාලක) මීටර් 4×400
1.වලල ඒ. රත්නායක - වි:3:29.05, 2. කොටහේන ශා. බෙනඩික්ට් වි:3:29.09. 3. මහනුවර ශා. සිල්වෙස්තර වි:3:30.00
අවුරුදු 20න් පහළ (බාලිකා) 4×400
1.වලල ඒ. රත්නායක _ වි:4:13.00, 2. අඹගමුව මධ්‍ය විදුහල _ වි:4:24.06, 3. වැලිමඩ මධ්‍ය විදුහල _ වි:4:29.00
අවුරුදු 20න් පහළ (බාලක) 4×400
1.මාරිස්ටෙලා - වි:3:27.01, 2. වලල ඒ. රත්නායක _ වි:3:27.04, 3. ගම්පහ බණ්ඩාරනායක _ වි:3:28.2

ඡායාරූප _ නුවන් අමරවංශ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්