ගොවියෝ ලොකු වැඩ වැරුමකට සැරසෙති

  👤  1910 readers have read this article !
Published by : MB WEB 2017-09-11 11:18:09

වැලිමඩ _ අර්නි දඹදෙණිය

දිවයිනේ ප්‍රධානතම කෘෂි ආර්ථික බෝගයන් ලෙසට සැලකෙන අර්තාපල්, ලොකු ලූනු, වී හා මිරිස් වගාවේ නියැළෙන ගොවි ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ගැටලු පළාත් මට්ටමේ ගොවි හමු පවත්වා ලබාගත් සියලු ගැටලු රජයේ වග කිවයුතු බලධාරීන්ට අවස්ථා දෙකකදීම පෙන්වා දුන්නද එයට කිසිදු ප්‍රතිචාරයක් නොමැති නිසා දිවයිනේ සමස්ත ගොවි ජනතාව හා ආර්ථික මධ්‍යස්ථාන ඒකරාශි කරමින් දීප ව්‍යාප්ත වර්ජන උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සාමාජික මැනින් වෙළෙඳ පොළ ව්‍යාපාරික එච්.එම්. උපසේන මහතා රජයට අනතුරු අඟවා සිටියි.

මෙරට කෘෂි නිෂ්පාදන ක්‍රියාවලියට දහඩිය හෙළමින් තම මුළු ජීවිත කාලයම කැප කරන ගොවි ජනතාවගේ ගැටලු වසරක් පුරා දිවයින පුරාම විශේෂ ආර්ථික මධ්‍යස්ථාන මට්ටමින් පවත්වා එම ගැටලු පසුගිය අගෝස්තු මස 7 දින මුදල් අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් තුසිත හල්ඔලුව මහතා සමඟ මුදල් අමාත්‍යාංශයේදී විසඳුම් සාකච්ඡාවකින් පසුව අගෝස්තු 30 දිනද සාකච්ඡාවක් පැවැති බවත් ඔහු පවසයි.

එහෙත් එම විසඳුම් සාකච්ඡාවන්ට නිසි ප්‍රතිචාරයක් නොලැබෙන බව එම අවස්ථාවේදීම වැටහී ගිය බවත් එයටද එක් නියෝජිතයකු සමඟ පමණක් නියම කළ සාකච්ඡාව මහත් පරිශ්‍රමයක් දරා සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු සාමාජිකයන් කිහිපදෙනකුට ලබාගත් බවත් ඒ මහතා සඳහන් කරයි.

එබැවින් එම සාකච්ඡාව ඕනෑවට එපාවට තබන බව එම නියෝජිතයන්ට පැහැදිලිවම පෙනෙන්නට තිබුණ බවත් නියෝජිත ගැටලුවලට වඩා එහිදී සවන් දීමට සිදුවූයේ රජයේ යල් පැන ගිය කෘෂි ගැටලු විසඳුම් ක්‍රමවලට බවත් ඔහු හෙළිකර සිටියේය.

කෙසේ වුවද සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගම් නියෝජිතයන් එහිදී එක හෙළාම පවසා තිබුණේ ප්‍රධාන ආර්ථික බෝග හතර වූ අර්තාපල්, ලොකුලූනු, වී හා මිරිස් පිටරටින් ආනයනය කිරීමෙන් රජය වහා වැළකිය යුතු බවකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්