පසුගිය මාස 8 ළමයින්ට නරක කාලයක්

  👤  2069 readers have read this article !
Published by : MB WEB 2017-09-11 10:03:32

ගාල්ල - තරිඳු භාග්‍ය විජේහේවා

පසුගිය ජනවාරියේ සිට මේ දක්වා මේ වසරේ ගෙවී ගිය මාස 8 ඇතුළත ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධි සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව 6165 දක්වා ඉහළ ගොස් ඇතැයි පරිවාස හා ළමාරක්ෂක අධිකාරිය පවසයි.

එම පැමිණිලි සංඛ්‍යාවෙන් 90%ක්ම ලැබී ඇත්තේ 1929 අධිකාරියේ හදිසි දුරකතන ඇමතුම් අංශය ඔස්සේ බවද අධිකාරිය සඳහන් කරයි. ළමයින් හිංසනයට ලක් කිරීම්,

මෙහෙකාර සේවයේ යෙදවීම්, යාචක කටයුතු සඳහා යොදවා ගැනීමේ සිද්ධි, ළමයින් අතහැර දමා යෑමේ සිද්ධි, පාසල් නොයන ළමයින් සම්බන්ධව, ළමා අපයෝජන සිද්ධි, පැහැර ගැනීම් ළමා ප්‍රඥප්තිය කඩ කිරීමේ සිද්ධි ඇතුළු පැමිණිලි රැසක් අයත් වන බවද අධිකාරිය සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්