කොටි තෙල් ගබඩාවක් කිලිනොච්චියෙන් හමු වෙයි

  👤  2047 readers have read this article !
Published by : MB WEB 2017-09-11 09:42:41

මුලතිව් - ශෂි කුමාර් , වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

කිලිනොච්චිය කල්මඩුනගර් ප්‍රදේශයේ කැලෑවක තිබූ එල්ටීටීඊ සංවිධානය විසින් භාවිත කර ලද තෙල් ගබඩාවක් කිලිනොච්චිය ගුවන් හමුදාව විසින් සොයාගෙන ඇත.

කිලිනොච්චිය ඉරණමඩු ගුවන් හමුදා ක¼දවුරේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කල්මඩු නගර් ප්‍රදේශයේ පිහිටි කැලෑවේ සිදුකරන ලද සෝදිසි කිරීම්වලදී යුද සමයේ එල්ටීටීඊය විසින් තෙල් ගබඩා කරන ලද විශාල ටැංකියක් හමුවී ඇත.

වළදමා තිබූ එම ටැංකිය ගොඩට ගත් අතර එය තිබූ ප්‍රදේශය යුද සමයේදී කොටි සංවිධානයේ කඳවුරක්ව පැවති බවටත් එම ටැංකියේ ඉන්ධන ලීටර් 30,000ක් පමණ ගබඩා කරගත හැකි බවත් ගුවන් හමුදා නිලධාරීහු කියා සිටියහ.

ඉන්ධන ටැංකිය හමුවීමත් සමඟ ගුවන් හමුදා සාමාජිකයන් විසින් කොටි කඳවුරු පිහිටා තිබූ ස්ථානය අවට ආයුධ වළ දමා ඇත්තේද යන්න පිළිබඳවද පරීක්ෂා කිරීම් සිදු කිරීමටද පියවර ගෙන ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්