2017 මහවැලි කී‍්‍රඩා උළෙල අද ඇරඹෙයි

  👤  1172 readers have read this article !
Published by : MB WEB 2017-09-09 10:58:53

මහවැලි ගොවි දූ පුතුන්ගේ කී‍්‍රඩා දක්ෂතා උරගා බලන වාර්ෂික මහවැලි කී‍්‍රඩා උළෙල 29 වන වරටත්  අද(09) සහ හෙට(10) දෙදින පොළොන්නරුව ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න යන මහත්වරුන්ගේ මගපෙන්වීමෙන් මෙවර කී‍්‍රඩා උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන අතර එහි සමාරම්භක උත්සවය අද පෙ.ව 8.30 ට කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. සමාප්ති උත්සවය 10 වෙනිදා ප.ව 2.00 ට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

දිවයිනේ මහවැලි කලාප 10 කින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 4500 ක් පමණ කී‍්‍රඩා උළෙලට සහභාගීවීමට නියමිත අතර ජවන හා පිටිය තරග ඉසව් 41 ක්, කණ්ඩායම් තරග 14 ක් සහ කාන්තා සහ පිරිමි පාපැදි තරග 02 ක් ඇතුළු තරග ඉසව් 57 කින් මෙවර කී‍්‍රඩා උළෙල සමන්විතය.

ශී‍්‍ර ලංකාවේ කි‍්‍රඩා ක්ෂේත‍්‍රයට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්, පුහුණුකරුවන්, කී‍්‍රඩා නිලධාරීන් මෙන්ම විනිසුරුවන් ද රැසක් බිහිකළ දිවයිනේ පැරණිතම කී‍්‍රඩා උළෙලක් ලෙස මහවැලි කී‍්‍රඩා උළෙල හැඳින්විය හැකිය.

මහවැලි කලාපවල ජීවත්වන ජනපදිකයන්ගේ දක්ෂතාවයන් ජාතික මට්ටමින් ජාත්‍යන්තර මට්ටමට රැගෙන යෑමේ අරමුණින් මීට වසර 31 කට පෙර එනම් 1986 වසරේදී මෙම කී‍්‍රඩා උළෙල ආරම්භ කර තිබේ. කලාප 7 කින් ආරම්භ වූ මහවැලි කී‍්‍රඩා උළෙල මේ වන විට කලාප 10 ක් දක්වා ව්‍යාප්ත වී ඇති අතර එදා මෙදා තුර ශී‍්‍ර ලංකාවේ නාමය ජාත්‍යන්තරයේ ඉහළින්ම රැඳවූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් රැසක් මහවැලි කෙළිබිමෙන් බිහිවී ඇත.

1986 වසරේ ගල්නෑවේදී ආරම්භ වූ කී‍්‍රඩා උළෙල එතැන් සිට 2012 දක්වා අඛණ්ඩව පැවැත්වුණු අතර 2013 සහ 2014 වසරවල කී‍්‍රඩා උළෙල අතහැර තිබූ නමුත් නව රජය පත්වීමෙන් පසුව 2015 වසරේ සිට නැවත කී‍්‍රඩා උළෙල ආරම්භ කළ අතර ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමගේ උපදෙස් මත මහවැලි දරු දැරියන්ගේ දක්ෂතා ලොවට විවර කරමින් සෑම වසරකම එය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

ශී‍්‍ර ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ධාවන ශූරියක් වන ශී‍්‍රයානි කුලවංශ මහවැලි එච් කලාපය නියෝජනය කරමින් ජය ලබා ආසියානු පදක්කම දක්වා පැමිණි අතර ශී‍්‍ර ලංකා පාපැදි ශූරිය වූ යූ.ඞී. ශ‍්‍රියාලතා, ශී‍්‍ර ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කළ කී‍්‍රඩිකා රේණුකා අබේගුණවර්ධන යාපා සහ ශී‍්‍ර ලංකා කබඩි පිරිමි කණ්ඩායමේ හිටපු නායක විමල් රෝහණ මහවැලි කී‍්‍රඩා උළෙල ඔස්සේ බිහිවූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගෙන් කිහිප දෙනෙකි.

රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගී වූ හෙල්ල විසිකිරීමේ ශූර සුමේධ රණසිංහ, වික්ටෝරියා කලාපයේ කී‍්‍රඩකයෙකු වන අතර ඔහු මහවැලි කලාපවලින් මෑතකදී බිහිවූ විශිෂ්ට කී‍්‍රඩකයෙකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්