දොරෙයිඅප්පා පිටියට ක්‍රීඩක-ක්‍රීඩිකාවෝ 5000ක්

  👤  1552 readers have read this article !
Published by : MB WEB 2017-09-08 10:20:07

විචිත්‍ර වීරසිංහ

නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ මලල ක්‍රීඩා ශූරතාවලිය මෙවර යාපනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව අද (08දා) සිට දින තුනක් පුරා යාපනය ‍ෙදාරෙයිඅප්පා ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා මෙවර බාලක පාසල් 164කින් තරගකරුවන් 2900ක්ද, බාලිකා පාසල් 138කින් තරගකාරියන් 2100ක් දී වශයෙන් 5000කට ආසන්න ප්‍රමාණයක් එක්වීමට නියමිතව ඇති අතර, අවුරුදු 12න්, 14න්, 16න්, 18න් හා 20න් පහළ වශයෙන් වයස් කාණ්ඩ 5ක් යටතේ තරග ඉසව් පැවැත්වේ.

එහිදී මීටර් 4×100, 4×200, 4×400 හා 4×800 වශයෙන් තරග ඉසව් ඇතුළත්ව ඇති නමුත් අවුරුදු 12න් පහළ වයස් කාණ්ඩය සඳහා මීටර් 4×50 තරග ඉසව්ව පමණක් ඇතුළත් කර ඇත. කෙසේ නමුත් මෙවර තරගාවලිය සඳහා කනිෂ්ඨ ආසියානු තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් මෙන්ම පසුගිය ජෝන් ටාබට් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ද එක්ව සිටීම තරගාවලිය ඉහළ ප්‍රමිතියකින් පැවැත්වීමට හේතු සාධක වී ඇත. ඒ අතරින් යමානි දුලාංජලී, දිල්ෂි කුමාරසිංහ, හර්ෂ කරුණාරත්න, ශෙෂාන් කාරියවසම් වැනි ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ද සහභාගිවීම කැපී පෙනේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්