ඉර්මා එතැයි ෆ්ලොරිඩාව බියෙන්

  👤  1354 readers have read this article !
Published by : MB WEB 2017-09-06 14:14:10

ඉර්මා චණ්ඩ මාරුතයේ (Horricane Irma) මාර්ගය ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය හරහා වැටී ඇති බවට කාලගුණ වාර්තා ප්‍රකාශයට පත්වීමත් සමඟ ෆ්ලොරිඩා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කොට ඇත.

ෆ්ලොරිඩා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ එහි ආණ්ඩුකාර රික් ස්කොට් (Rick Scott) ඉතා ප්‍රබල ඉර්මා චණ්ඩ මාරුතය මාරක තර්ජන ගෙනෙන සුළි කුණාටුවක් හෙයින් ෆ්ලොරිඩාව ඊට මුහුණදීමට සූදානම් විය යුතු බව පවසා තිබේ. ඉර්මා සුළි කුණාටුවට මුහුණදීම සඳහා අවශ්‍ය වන සම්පත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ෆ්ලොරිඩා ප්‍රාන්තයට සපයා ඇති බව කී ෆ්ලොරිඩා ආණ්ඩුකාරවරයා ඉර්මා චණ්ඩ මාරුතයෙන් ෆ්ලොරිඩා වැසියන් දස ලක්ෂ ගණනකට බලපෑම් සිදුවීමට ඉඩ ඇති බවත් එය ෆ්ලොරිඩාහි ආපදා කළමනාකරණ අංශය වෙතින් හා කාලගුණ අනාවැකි මඟින් පැහැදිලි වන බවත් පැවැසීය. කෙසේ වුවත් ෆ්ලොරිඩා ප්‍රදේශයට කඩා වැදීමට පෙර ඉර්මා චණ්ඩ මාරුතය ඊසාන දිගින් පිහිටි ලීවාර්ඩ් දිවයින් (Lee Ward Islands) වෙත පතිත වීමට නියමිතය. ඉන්පසුව බ්‍රිතාන්‍යයට හා ඇමෙරිකාවට අයත් වර්ජින් දූපත් (Virgin Island) හා Puerto Rico ප්‍රදේශයට බලපෑම් ඇති කෙරෙනු ඇති බවද කාලගුණ අනාවැකි පෙන්වාදී ඇත.

ඉර්මා චණ්ඩ මාරුතය පස්වැනි වර්ගයට අයත් මාරක සුළං සහිත චණ්ඩමාරුතයක් ලෙස වර්ග කර තිබේ. අද උදේ හෝ ඊයේ රාත්‍රියේදී ලීවාර්ඩ් දිවයින් මතට පතිත වීමට නියමිත වූ මෙම චණ්ඩ මාරුතයෙන් ඇතැම් තැනක අඟල් 10ක් පමණ ජලයෙන් යටවිය හැකි බව කියැවේ. අලුත්ම තොරතුරුවලට අනුව සෙනසුරාදා (09දා) රාත්‍රි 10ට පමණ ඉර්මා චණ්ඩ මාරුතය ෆ්ලොරිඩා අර්ධද්වීපයට පතිත වීමට නියමිතය. ඇතැම්විට මෙම චණ්ඩ මාරුතයේ මාර්ගය වෙනස් වී නැවත මුහුද දෙසටම යෑමේ සම්භාවිතාවද පවතී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්