'Block Buster' වැඩ අරඹයි

  👤  1546 readers have read this article !
Published by : MB WEB 2017-09-04 17:40:18

"අග නගරයේ ප්‍රචණ්ඩත්වය පතුරවාලමින් මත්ද්‍රව්‍ය හා වෙනත් නීති විරෝධී වැඩ කරමින් සාමාන්‍ය ජනයා භීතියට පත් කෙරූ පාතාලයට සම්බන්ධ මැරකල්ලියක් හා ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දමා නීතිය ආරක්ෂා කිරීමට සපථ කෙරූ සහකාර පොලිස් අධිකාරිවරයකු වටා ගෙතුණු බ්ලොක් බූස්ටර් (Block Buster) චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා පදනම් ආයතනයේදී පැවැත්විණි.

"සුජාත පුත්‍ර" තිරයට ගෙනා ශ්‍රී පාලි හෙට්ටිආරච්චිගේ අධ්‍යක්ෂණයක් වන මෙහි රංගනයට රවින්ද්‍ර රන්දෙණිය, ලකී ඩයස්, අමිල කරුණානායක, ඉන්දීය නිළි රිතිකා ගුලති, කුමාර රණපුර, ශිරාණි කෞෂල්‍ය, ඩයනා කේ. හෙට්ටිආරච්චි, ශ්‍රී මාලි ෆොන්සේකා, ඩී. බී. ගංගොඩතැන්න. ෂෙනායා ඩැනියෙන් ඇතුළු විශාල නළු - නිළි පිරිසක් එක්වේ.

කැමරාකරණයෙන් නිර්මාල් රාජපක්ෂ, සහාය අධ්‍යක්ෂණයෙන් තරිඳු ඉලංගකෝන්, නිෂ්පාදන කළමනාකරණයෙන් අශෝක ජයවර්ධන, සටන් අධ්‍යක්ෂණයෙන් කුමාර රණපුර, කලා අධ්‍යක්ෂණයෙන් සුජිත් ලක්මාල් වීරසිංහ, සංගීත අධ්‍යක්ෂණයෙන් භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් එක්වේ. ඩීම්වර්ක් මීඩියා සොලූෂන් ඉදිරිපත් කිරීමක් වන මෙම චිත්‍රපටය එල්. එම්. එන්. හෝල්ඩින්ග්ස් ආයතනයේ නිෂ්පාදනයකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්