පින්තූරවල වෝටර්මාක් මැකිය හැකි ගූගල් මැජික්

  👤  1505 readers have read this article !
Published by : MB WEB 2017-08-29 15:19:33

යම් කාර්යයන් සඳහා ඉන්ටර්නෙට් එකෙන් ලබා ගන්නා සමහර ඡායාරූපවල ඇති වෝටර්මාක් එක නිසා, එවා භාවිත කළ නොහැකි අපසුතාවකට මුහුණ දුන් අමිහිරි අත්දැකීම් ඔබටත් ඇති. තමන්ට ගැළපෙනම එම ඡායාරූප විශාල මුදලක් ගෙවා ලබා ගත නොහැකි වීමත්, පොටෝෂොප් හරහා පැය ගණනක් වෙහෙසී එය ඉවත් කිරීමට දැනුමක් හෝ කාලයක් නොමැති වීමත්, ඊට හේතු විය හැකියි.

ගූගල් සමාගමේ ඉන්ජිනේරු කණ්ඩායමක් සොෆ්ට්වෙයාර් ඇල්ගොරිදම් එකක් භාවිතයෙන් මෙම වෝටර්මාර්ක් නිට්ටාවටම ඉවත් කිරීමේ ක්‍රමයක් සොයාගෙන තිබෙනවා.

ඔවුන්ගේ ක්‍රමය වෙන්නේ, බොහෝ ස්ටොක් ෆොටෝ සමාගම් භාවිත කරන්නේ එකම වෝටර්මාක් එක බැවින්, ඇල්ගොරිදම් එකට ඡායාරූප දහස් ගණනක් අතරින්, ඡායාරූපයේ කිනම් කොටසේ වෝටර්මාක් එක තිබේද? නොතිබේද යන්න සොයාගන්නට පුළුවන්.

ඉන්පසුව එයට එම වෝටර්මාක් කොටස් පමණක් ඉවත් කොට ඡායාරූපයේ ඉතිරි කොටස එලෙසම හානියක් නොවී තබාගන්නට පුළුවන්. ඉතා උසස් වර්ගයේ ඡායාරූප නොමිලේ ලබාගන්නට රුචි අයට මෙය ඉතාමත්ම සුබ ආරංචියක් විය හැකි නමුදු, තමන්ගේ වෘත්තියට සාධාරණ මිලක් බලාපොරොත්තු වන ඡායාරූප ශිලපීන්ට සහ ඒවා මිලදී ගන්නා සමාගම්වලට නම් එය එලෙස විය නොහැකියි.

ගූගල් ක්‍රමයෙන් වෝටර්මාක් ඉවත් කිරීමට ඡායාරූප දහස් ගණනක දත්ත ගබඩාවක් අවශ්‍ය බැවින්, තමන්ගේම ජායාරූප තමන්ම වෝටර්මාක් කරන තනි ඡායාරූප ශිල්පීන්ට මෙය ගැටලුවක් වීම උගහට නමුත්, විශාල සමාගම්වලට නම් එය සැලකිය යුතු ප්‍රශ්නයක් වෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්