තලෙයිබාන් ත්‍රස්තවාදීන් පරාජය කරන තෙක් ඇෆ්ගනිස්ථාන මෙහෙයුම් නවත්වන්නේ නැහැ - ඩොනල්ඩ් ට්‍රම්ප්

  👤  1239 readers have read this article !
Published by : MB WEB 2017-08-24 13:29:41

තලෙයිබාන් ත්‍රස්තවාදීන් පරාජයට පත්කර ජයග්‍රහණය ලබන තුරු ඇෆ්ගනිස්ථානයේ සිදුකරන ඇමෙරිකා හමුදා මෙහෙයුම් නතර නොකරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ඇෆ්ගනිස්ථානය පිළිබඳ ඇමෙරිකාවේ නව ප්‍රතිපත්ති එළිදක්වමින් ඇමෙරිකා ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කර සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ ඇෆ්ගනිස්ථානයෙන් හමුදා ඉවත් කර ගතහොත් එරට ආරක්ෂාව පිළිබඳ දැඩි අර්බුදකාරී තත්ත්වයක් පැනනැඟීමට ඉඩ ඇති බැවින් තවදුරටත් ඇමෙරිකා හමුදා එහි රඳවන බවයි.

ඉරාකයේ සිටි ඇමෙරිකා හමුදා ඉවත් කර ගැනීමෙන් පසු ඉරාකයේ තත්ත්වය බරපතළ වීමෙන් ලද අත්දැකීම මත එම තීරණයට එළැඹි බවද ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

ඉදිරියේදී පාකිස්තානය ත්‍රස්තවාදීන් හට ක්ෂේම භූමියක් නොවිය යුතු බවද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්ද වොෂිංටනයේදී පැවැති මාධ්‍ය හමුවකදී පාකිස්තානය තලෙයිබාන් සංවිධානයට සහාය දෙන්නේ නම් පාකිස්තානයට ලබා දෙන මූල්‍ය ආධාර පිළිබඳව තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවද අවධාරණය කර ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්