කන්ටේනර් ඇතුළේ ගොවිපළවල් අභ්‍යවකාශයට යවන්න සූදානමක්

  👤  2281 readers have read this article !
Published by : MB WEB 2017-08-22 14:00:31

අපි අභ්‍යවකාශයේ ගොවිපළවල් තැනුවොත් කොහොම වේවිද? වර්තමානයේ නාගරික ගොවිපොළවල්වල භාවිත වන පස් රහිතව වගා කරන, සංවෘත ගොවිපොළවල් ඒ සඳහා වඩාත් සුදුසු වේවි.

මෙම සංයුක්ත, කාර්යක්ෂම වවන ගෙවල් අනාගතයේ අජටාකාශගාමීන් පෝෂණය කිරීමේ ප්‍රශ්නයට එකම පිළිතුරත් වේවි. ඔබ වසර 2කට පෙර නැරඹූ මාෂන් නම් චිත්‍රපටයේ අඟහරු ලෝකයේ තනි වෙන අජටාකාශගාමියාගේ සිහිනය සැබෑ වෙන දිනය වැඩි අෑතක නොවෙයි. චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධයක් වූවත් මෙම තාක්ෂණය තවදුරටත් ප්‍රබන්ධයක් නොවෙයි.

ඇමෙරිකාවේ බෝස්ටන් නුවර ස්ථාපිත තිරසර කෘෂිකාර්මික සමාගමක් වන ෆ්‍රේට් ෆාම්ස් ගෝලීය ආහාර පද්ධතිය විප්ලවීයකරණයට ලක් කිරීමට ඔවුන්ගේ ලීෆි ග්‍රීන් මැෂින් හරහා උත්සාහ කරනවා.

පැළ කළ බෝග රාක්ක, වගා අලෝකය, පාරිසරික පාලන පද්ධතිවලින් සමන්විත මෙම භාණ්ඩ ප්‍රවාහන කන්ටේනර්වලට ලොව ඕනෑම තැනක සිට නැවුම් බවබෝග නිෂ්පාදනය කරන්නට පුළුවන්.

ෆ්‍රේට් ෆාම්ස්වල මූලික අරමුණ වූයේ මිහිතලය මත මෙම තාක්ෂණය භාවිත කරන්නට නමුදු, එය නිමැවූ ප්‍රොටෝටයිප් ෆාම් එක අධ්‍යයනයට නාසා ආයතනය පෙලඹුණේ, ඒවා අනාගතයේ අනෙකුත් ග්‍රහලෝකවලට ව්‍යවහාර කිරීම සඳහා සලකා බැලීමටයි. නාසා ආයතනය පමණක් නොවෙයි, ගූගල් සමාගම මෙන්ම නූතන ගොවිතැන් ව්‍යවසායකයකු වන (ඉලෝන් මස්ක් ගේ සහෝදරයා වූ) කිම්බල් මස්ක් ද මේ කන්ටේනර් ෆාම් ගැන උනන්දු වෙනවා.

මෙම එක ලීෆි ගී්‍රන් මැෂින් කන්ටේනර් එකකට, අක්කර 2ක බෝග වගාවක් නිෂ්පාදනය කර සැපයීමේ හැකියාවක් තිබෙනවා. කන්ටේනර් එකකට අවන්හල්වල භාවිතය සඳහා සලාද ගොනු 1000ක් එක සතියක දී නිෂ්පාදනය කළ හැකියි.

අනාගතයේදී නිමැවෙන මෙම කන්ටේනර් ෆාම්වලට තම බෝග වගාවට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය තමන්ටම සම්පාදනය කරගත හැකි ලෙස සැලකෙයි. උදාහරණ ලෙස, හාත්පස පැතුරුණු වායුවෙන් ජලය ග්‍රහණය කර ගැනීමත්, ස්වයංක්‍රිය කොම්පෝස්ට් පද්ධතියක් සඳහන් කළ හැකිය.

ඒ අනුව ෆ්‍රේට් ෆාම්ස් මෙම කන්ටේනර් ෆාම් අනාගතයේ නිම කරන්නේ මුළුමනින්ම ස්වයංපාලනය වන්නත් 100%ක්ම තිරසර බලශක්තියෙන් ක්‍රියාත්මක වීමටත්ය. දැනට ඇමෙරිකාවේ, කැනඩාවේ, යුරෝපයේ සහ ජපානයේ ක්‍රියාත්මක වන මෙම ෆ්‍රේට් ෆාම්ස් කන්ටේනර් ෆාම්, මුලින්ම ලබාගත් දියුණු වෙමින් පවතින රටවල් වන්නේ අත්ලාන්තික් සාගරයේ පිහිටි දූපත් රජ්‍යයන්.

එයට හේතුව, මෙම රටවල් ආනයන ආහාර මත විශාල වශයෙන් යැපන්නේ ඝර්ම කලාපීය පාරිසරික තත්ත්වයන්ට හිමිකම් කීවත්, ඒවා හී බෝග වගාව ඉතාමත් අපහසු බැවිනි. එම නිසා ඔවුන්ට බෝග වගා නිෂ්පාදනවල විවිධත්වය අහිමි වන අතරම, ඉතාම ඉහළ මිලක් ඒවට ගෙවීමට සිදුවීමයි. දැනටමත් මැද පෙරදිග සහ අප්‍රිකාවේ මෙම ෆේ‍ර්ට් ෆාම්ස් තාක්ෂණය ස්ථාපිත කිරීම ආරම්භ කර තිබෙනවා.

මිනිස් පරිභෝජනයට ගන්නා ආහාර නිෂ්පාදන සහ බෙදාහැරීමේ ක්‍රියාවලියන් 2 ඇතුළත් ගෝලීය ආහාර පද්ධතිය පමණක්, මානව සංහතිය විසින් මිහිතලයට මුදාහරින හරිතාගාර වායුවලින් 1/3කට දායක වන බැවින්, මෙම කන්ටේනර් ෆාම් තාක්ෂණයේ දියුණුව සහ භාවිතය, මිහිකත මත අපගේ අනාගත පැවැත්මට ද යහපත් බලපෑමක් ඇති කරනු නිසැකයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්