2017 නාම ලේඛනයේ නම නැත්නම් ඡන්ද වරම් නෑ

  👤  2073 readers have read this article !
Published by : MB WEB 2017-08-22 12:28:45

ජේ.ටී. ද සිල්වා, දයා පෙරේරා

ඉදිරි ඡන්ද විමසීම්වලදී ඡන්ද භාවිත කළ හැක්කේ 2017 වසරේ ඡන්ද හිමි නාමලේඛනයේ නම් ඇතුළත් තැනැත්තන්ට පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ වන විට 2017 ඡන්ද හිමි නාමලේඛනයේ කෙටුම්පත සකස් කර අවසන් කර ඇත.

දැනට වලංගුව පවතින 2016 ඡන්ද හිමි නාමලේඛනය, ඉන් ඉවත් කෙරෙන නම් සහ අලුතින් ඇතුළත් කෙරෙන නම් පිළිබඳව විස්තර අදාළ ග්‍රාම නිලධාරි කාර්යාලවලදී පරීක්ෂා කළ හැකිය.

කොළඹ නගරය, කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු නාගරික හා අර්ධ නාගරික බොහෝ ප්‍රදේශවල ඡන්ද හිමි නාමලේඛනයට නම් ඇතුළත් කර ගැනීමේ යම් අඩුවීමක් නිරීක්ෂණය වන බැවින් 2017 ඡන්ද හිමි නාමලේඛනයට තමන්ගේ නම ඇතුළත් වී ඇත්දැයි ජනතාවට නිසැක වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටී.

තමන්ගේ නම යම් හෙයකින් 2017 ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත්ව නොමැති නම් වහාම අදාළ මැතිවරණ කාර්යාලවලට දැනුම් දීමට කටයුතු කරන ලෙස වයස අවුරුදු 18ට වැඩි සියලුම රටවැසියන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්