මේ ආදරයයි ටෙලියෙන් හමුවන රූහිගේ සැබෑ පෙම්වතා ආදිද?

  👤  2267 readers have read this article !
Published by : MB WEB 2017-08-21 16:55:17

ඉන්දියානු ටෙලි නාට්‍යයක් වන Yeh Hai Mohabbatein ලංකාවේ විකාශය වෙන්නේ 'මේ ආදරයයි' නමින්. මේ ආදරයයි ටෙලි නිර්මාණයේ ඉෂිතාගෙයි රමන්ගෙයි ආදරය යා කරන්නේ රූහි.

පුංචි රූහි කාගෙත් අවධානය දිනාගත්තා වගේම නව යොවුන් වියේ පසුවන රූහිත් දැන් කාගේත් අවධානය දිනාගෙන හමාරයි. රූහි ලෙස වගේම රුහාන් යන පිරිමි දරුවාගේ ද්විත්ව චරිත නිරූපණය කිරීමත් ඇය අවධානයට ලක්වීමට බලපා තිබෙනවා. අද අපි කතා කරන්නේ රූහි වගේම රුහාන්ගේ චරිතය නිරූපණය කරන අදිති බාතියා ගැන.

අදිති බාතියා උපත ලැබුවේ 1999 වසරේ ඔක්තෝබර් 29 වැනිදා. ඇය උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගත් විද්‍යා හා වාණිජ යන විෂයයන් හැදෑරුවේ තාකූර් පාසලින්. ඇය මුලින්ම රංගනයට පා තබන්නේත් Vivah හා Chance pe dance චිත්‍රපටවලින්. ඒ ඇය කුඩාවියේ සිටියදීය. 2015 වසරේදි ඇයට Tashan – E – Ishq නමින් රූපවාහිනි ටෙලි නාට්‍යයක රඟපාන්නත් අවස්ථාව හිමිවුණා.

ඒ වුණත් මේ දිනවල ඇය රසිකයන්ට සමීපවන්නේ Ye Hai Mohabbatein ටෙලි නාට්‍යයේ රූහිගේ චරිතයෙන්. ඒ වගේම ඔබට ඇයව ළඟදීම තිරගත වන හින්දි චිත්‍රපටයකින් දැකගන්නත් පුළුවන්.

Sargoshiyan නම් වූ මේ චිත්‍රපටයේ Alok Nath ගේ දියණියගේ චරිතය හිමි වන්නේ අදිතිටයි. ඉම්රාන් ඛාන්ගේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය මේ වසරේ තිරගත කරන්නත් සියල්ල සූදානම්.

රූහිගේ චරිතයෙන් ඔබට සමීප වන අදිති ඇගේ සුන්දර සිනහව හා සුරූපී බව නිසාම දැනටමත් ජනප්‍රිය තරුවක්. කුඩා අවධියේම රංගනයට පා තැබූ ඇය රසිකයන් අතර ජනප්‍රිය වුණේ ටෙලි නිළියක් ලෙසයි. ඇය ආදරණීය දියණියක් විදියටත් මවට ගොඩක් සමීපයි. ඇගේ මව වෘත්තියෙන් ගුරුවරියක්. ඇගේ මවගේ උත්සාහයත් ඇයට රංගනයට එන්නට උදවු වුණ බව තමයි අදිති කියන්නේ.

අදිති වෘත්තීය නිළියක් විදියට වැඩ කරන කාලෙදි එක එක කටකතා පැතිර ගියත් ඇය තවමත් තනිකඩ යුවතියක්. ඇගේ සහාය රංගන ශිල්පියෙක් වන අභිෂේක් වර්මා සමඟත් පෙම් සබඳතාවක් තිබුණ බවටත් මාධ්‍යවල ආරංචි පැතිරුණා. ඒ නිසා මේ දෙදෙනාම මාධ්‍යවලට ඒ ගැන සත්‍ය හෙළිදරව් කළා. තවමත් මේ දෙදෙනා සමීප හිතවතුන් විතරයි. අදිතිගේ හිත ගන්න කෙනා ගැන ඉන්දීය ටෙලි ප්‍රේක්ෂකයනුත් ඉන්නේ අවධානෙන්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්