අන්තවාදය ඉදිරියේ යළි කරළියට පැමිණි නට්සි විරෝධී චිත්‍රපටය

  👤  1109 readers have read this article !
Published by : MB WEB 2017-08-19 16:42:15

වර්ජිනියා ප්‍රාන්තයේ චාලට්ස්විල් ප්‍රදේශයේ පැවති අන්ත නට්සිවාදී රැළියක් අතරතුර හටගත් ගැටුමෙන් අනතුරුව අන්මත නොඉවසීම පිළිබඳ අනතුරු අඟවමින් ඇමරිකානු රජය විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයක දර්ශන සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

1940 දශකයේ නිර්මාණය කරන ලද එම චිත්‍රපටය ඇමරිකානු යුද දෙපාර්තමේන්තුවේ නිෂ්පාදනයකි. (ඉහත වීඩියෝව නරඹන්න)

අන්ත දක්ෂිණාංශික රැළියක් අතරතුර ඇමරිකානුවන් දෙදෙනෙකු අතර සිදු වන කතාබහක් චිත්‍රපටය ඔස්සේ මතු කෙරෙයි.(ෆ්‍රී මේසන් යනු එකිනෙකා අතර සන්නිවේදනය සිදු කිරීම සඳහා රහස් සංඥා යොදා ගන්නා එමෙන්ම එකිනෙකාට උදව් කර ගන්නා පුරුෂයන්ගෙන් සැදුම්ලත් රහසිගත සමාජයකි)

යුද විරුවෙකුගේ ස්මාරකයක් ඉවත් කිරීමට එරෙහිව "දක්ෂිණාංෂිකයන් එක්සත් කිරීමේ" රැළියක් සඳහා පසුගිය 12 වෙනිදා සුදු අධිපතිවාදීන් සිය ගණනක් චාලට්ස්විල් ප්‍රදේශයට රැස් වී සිටියහ.

අන්ත නට්සිවාදීන් සහ සුදු වර්ගවාදී කූ ක්ලක්ස් ක්ලෑන් (Ku Klux Klan) සංවිධානයේ සාමාජිකයන් ද ඒ අතර වූහ.

එම රැළියට එරෙහිව ඒ අසලම තවත් උද්ඝෝෂණයක් පැවැත්වුණු අතර එහිදී දෙපාර්ශවය අතර හටගත් ප්‍රචණ්ඩ ගැටුම්වලදී දෙපාර්ශවයම එකිනෙකාට පහර එල්ල කර ගත්හ.

රැළිය අවසානවීමත් සමගම අන්තවාදීන්ට එරෙහිව උද්ඝෝෂණය කළ පිරිස දෙසට ඉතා වේගයෙන් මෝටර් රථයක් පදවාගෙන පැමිණි තරුණයෙක් කාන්තාවක මරා දමා තවත් 19 දෙනෙකුට තුවාල සිදු කළේය.

මේ අතර ප්‍රචණ්ඩ ක්‍රියාවලට දෙපාර්ශවයම වගකිව යුතු බවට කළ ප්‍රකාශය පිළිබඳව ඔහු නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු දේශපාලන නායකයෝ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට දැඩි විරෝධය පළ කළහ.

සුදු අධිපතිවාදීන් හෙළා දකිමින් පසුගිය සඳුදා ප්‍රකාශයක් සිදු කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා කියා සිටියේ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති වීම කෙරෙහි දෙපාර්ශවයම වගකිව යුතු බවය.

(BBC)

 

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්