ඇමෙරිකාවේ ෆෝන්-ටැබ් තහනමක්

  👤  1951 readers have read this article !
Published by : MB WEB 2017-08-15 15:11:44

මාර්ග හරහා ගමන්කරන විට සහ දැඩි ලෙස රථවාහන ගමන් ගන්නා ස්ථානයන්හි ගැවසෙන විට ජංගම දුරකතන සහ ටැබ් භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ඇමෙරිකාවේ නගරයක් තීරණය කරයි.

ඇමෙරිකාවේ හවායි ප්‍රාන්තයේ අගනුවර වන හොනලුලු හි එම තහනම සිදු කර ඇතැයි වාර්තා පෙන්වා දෙයි. තහනම කඩකරමින් කටයුතු සිදුකරන සියලු දෙනාට දඩ නියම කිරීමට බලධාරීන් තීරණය කර ඇත.

ජංගම දුරකතන දෙස බලමින් පාර මාරුවීම සහ රථවාහන වැඩි ප්‍රදේශවල ගමන් කිරීම හේතුවෙන් මෑතදී රිය අනතුරු ප්‍රමාණය ඉහළ යෑම සහ රිය අනතුරුවලින් මියයන ප්‍රමාණය ඉහළ යෑම නිසා එම පියවර ගෙන ඇත.

මෙම තහනම මෙම වසරේ නොවැම්බර් මාසය වනතුරු පමණක් ක්‍රියාත්මක කිරීමට දැනට තීරණය කර ඇති අතර නීතිය කඩකරන්නන්ට ඇමෙරිකා ඩොලර් විස්සත් සියයත් අතර දඩමුදලක් අයකිරීමට දැනට තීරණය කර ඇත.

ඉදිරියේදී පවතින තත්ත්වය මත දඩ මුදල තවත් වැඩිකිරීමට කටයුතු කරන බවද කාලය දීර්ඝ කිරීමට කටයුතු කරන බවද බලධාරීහු පවසති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්