ඉන්දුනීසියාවේ සුමාත්‍රාවට නුදුරින් භූ කම්පනයක්

  👤  1602 readers have read this article !
Published by : MB WEB 2017-08-13 11:34:40

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපත ආසන්නයේ අද(13) පෙරවරුවේ භූ කම්පන තත්ත්වයක් හට ගෙන ඇතැයි වාර්තා වේ.

රිච්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මේම භූ කම්පන තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළාශ්‍රිත ජනතාවද ඒ පිළිබඳ අවධානයෙන් පසු විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

කෙසේවෙතත් මෙතෙක් සුනාමි අනතුරු ඇඟවීමක් සිදු කර නොමැති බැවින් මේ පිලිබඳ අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවයි එහි වැඩි දුරටත් සඳහන් වන්නේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්