පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

  👤  1461 readers have read this article !
Published by : MB WEB 2017-08-13 12:17:07

නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරු මැද පළාත්වල අද(13) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනාය් කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවති අතර විශේෂයෙන් සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ යැයි අපේක්ෂා කෙරේ.

යාපනය දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර වෙරළ බඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක.

නැගෙනහිර සහ ඌව පළාත් වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල(මි.මි.75ට වැඩි) තරමක තද වැසිද ඇති විය හැකි බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්