තේ වගාවේ දියුණුවට හෙට සහ අනිද්දා කොළඹදී අන්තර්ජාතික සමුළුවක්

  👤  1751 readers have read this article !
Published by : MB WEB 2017-08-11 11:40:55

හර්ෂනී අර්සකුලරත්න

තේ වගාවට වසර එකසිය පනහක් සපිරීම නිමිත්තෙන් තේ වගාවේ දියුණුව අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය, විද්‍යා
තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය සහ කොළඹ තේ වෙළෙන්ඳන්ගේ සංගමය ඇතුළු ආයතන කිහිපයක ප්‍රධානත්වයෙන් හෙට (12දා) සහ අනිද්දා (13දා) අන්තර්ජාතික සමුළුවක් පැවැත්වේ.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන මේ සමුළුවෙහි සමාරම්භය හෙට පෙ.ව. 9.00ට පාර්ලිමේන්තු සභානායක උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත, වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මේ සඳහා චීනය, කොරියාව, ජපානය ඇතුළු ලොව විවිධ රටවලින් විද්‍යාඥයන් රැසක් සහභාගිවීමට නියමිත අතර එහිදී තේ වගාව සහ තේ කර්මාන්තය පිළිබඳ නවතම පර්යේෂණයන්හි තොරතුරු රැසක් එළි දැක්වේ.

මෙහිදී නවතම තේ වගාව, තේ සම්බන්ධ සෞඛ්‍යමය වැදගත්කම මෙන්ම තේ ආශ්‍රිතව නිපදවන නොයෙකුත්
නිෂ්පාදන පිළිබඳ විශේෂ අවධානය යොමුවේ. මේ සමුළුවේ විශේෂ අංගයක් ලෙස දහතුන් වැනිදා කොරියානු නියෝජිතයන් විසින් තේ සංස්කෘතික රංගනයන් ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී තේ කලාවක් ලෙස අර්ථවත් කරමින් විවිධ විද්වතුන් විසින් සමාලෝචන ඉදිරිපත් කිරීමක් ද සිදු කරනු ලබයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්