මහවැලි 'ඩ්' කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය අද

  👤  1666 readers have read this article !
Published by : MB WEB 2017-08-11 08:43:23

පහන් විජේසේකර

මහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩ සටහන යටතේ වලව කලාපයේ ගොවි ජනතාවට සහ මහවැලි එච් (ඩ්) කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම අද (11දා) සහ හෙට (12දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. මහවැලි ජනපදිකයන් දිගුකලක් තිස්සේ මුහුණ පා සිටින ගැටලුවකට විසඳුම් ලබා දෙමින් එකවර වැඩිම පිරිසකට නිරවුල් ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරෙන අවස්ථාව මෙය වන අතර වලවේ කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු පන්දහසක් ප්‍රදානය කිරීම අද පෙ.ව. 10.00ට ඇඹිලිපිටිය ගම්උදාව ක්‍රීඩාංගණයේදීද, මහවැලි එච්. කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු පන්දහසක් ප්‍රදානය කිරීම හෙට පෙ.ව. 10.00ට තලාව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදීද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්