දේශීය සහල් මිල පාලනය කළත් වෙළෙන්දෝ හිතුමතේ මිල කියති

  👤  2405 readers have read this article !
Published by : MB WEB 2017-08-10 09:01:53

උපතිස්ස පෙරේරා

පාරිභෝගික සේවා අධිකාරිය මඟින් දේශීය වෙළෙඳපළේ සහල් අලෙවි කිරීමේ උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් පත්‍රයක් ඉකුත් 4දා නිකුත් කළද සහල් වෙළඳුන් එය නොතකා අධික මිල ගණන්වලට සහල් අලෙවි කරන බවට පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.

නියම කර ඇති උපරිම සිල්ලර මිල අනුව දේශීය සම්බා කිලෝවක් රුපියල් 90, ආනයනික සම්බා කිලෝවක් රුපියල් 80ක්, දේශීය නාඩු රුපියල් 80, ආනයනික නාඩු රුපියල් 75, දේශීය කැකුළු රුපියල් 78, ආනයනික කැකුළු රුපියල් 65ක් වශයෙන්ද අලෙවි කළ යුතු වුවත් සියලුම දේශීය සහල් වර්ග අලෙවි කරන්නේ කිලෝවක් රුපියල් 90-105 අතර මුදලකට බව ඔවුහු පෙන්වා දෙති.

ආනයනික සහල් පාලන මිලට අලෙවි කිරීමට ඇතත් ඒවා මිලදී ගැනීමට පාරිභෝගිකයන් මැළිකමක් දක්වන බව සඳහන් කරන සහල් වෙළෙන්දෝ පාරිභෝගික කටයුතු අධිකාරිය නියම කරන මිල ගණන්වලට දේශීය සහල් අලෙවි කළ නොහැකි බව පවසති.

මේ පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරියෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු "මව්බිම"ට පැවසුවේ උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කරන ආනයනකරුවන්, බෙදා හරින්නන් හා වෙළෙඳුන්ට එරෙහිව 09දා සිට වැටලීම් ක්‍රියාත්මක කරන බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්