සේවකයන් නොමැති ඉබේ ධාවනය වන ජංගම සිල්ලර බඩු කඩයක්

  👤  1153 readers have read this article !
Published by : MB WEB 2017-08-05 16:44:50

අනාගතයේ බොහෝ දේවල් ඉතාමත් කුඩා වීමේ හැකියාවක් තිබේ. කිසිම මිනිස් සේවකයකු සේවයේ නොයෙදෙන රියැදුරකු නොමැතිව ඉබේ ධාවනය වෙන සුපර්මාකට් එකක් දැන් චීනයේ ෂැංහයි නුවර විවෘත කර ඇත. මොබ් යනුවෙන් හඳුන්වන මෙයින් භාණ්ඩ මිලදී ගැනීමට පෝලිමේ සිටීමක් අවශ්‍ය නොවන අතර භාණ්ඩ තොග අලෙවි වී අවසන් වූ විට එයට ඉබේම භාණ්ඩ ගබඩාව වෙත නැවත යා හැකියි.

මෙම මොබ් විසින් ලබා දෙන්නේ අනාගතයේ පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදී ගැනීමේදී ලැබෙන අත්දැකීමයි. හොලෝග්‍රෑම් (ආලෝක කදම්බ මඟින් මවන ත්‍රිමාණ රුව) ආචාරකරුවාගේ සිට මෙහි සියලු කර්තව්‍යයන් අනාගතයේ බඩු මිලදී ගැනීමේ අත්දැකීමක් දනවයි.

ඔබට මෙහි ‍ෙදාරෙන් ඇතුළු වීමටත් ඇප් එකක් ඩවුන්ලෝඩ් කර ගත යුතු වන අතර ඔබගේ මොබයිල් ෆෝන් එක හඳුනාගෙන ‍ෙදාර ඉබේ විවෘත වෙයි. ඔබ ගන්නා භාණ්ඩ සියල්ලම ඔබට ස්මාර්ට් බාස්කට් එකක තැන්පත් කළ හැකි අතර ඔබ වෙළෙඳසලේ ‍ෙදාරෙන් නැවත ඉවතට යන විට එය ඔබ ගත් භාණ්ඩ ස්කෑන් කරමින් ඊට අනුකූල මුදල ඔබේ ගිණුමෙන් අයකර ගනියි.

මෙහි වහලේ සවිකර ඇති සෝලර් පැනල් හරහා මෙම වෙළෙඳසලට තමාව ඉබේම චාජ් කරගනිමින් බල ශක්තිය සපයා ගත හැකිය.

පැය 24 පුරාම විවෘතව ඇති මෙම සුපර්මාකට් එක ස්වීඩනයේ විලීස් සමාගමේ අදහසකි. ඔවුන් මෙම සංකල්පය චීනයේ හෙෆෙයි විශ්වවිද්‍යාලය සමඟ වැඩිදියුණු කළ අතර එහි ප්‍රතිඵලය ලෙස අද මොබ් ෂැංහයි නුවර සැරිසරනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්