ටීවී සංඛ්‍යාත භාවිතයෙන් ඉන්ටර්නෙට්

  👤  1512 readers have read this article !
Published by : MB WEB 2017-08-02 13:03:43

ඇමෙරිකා එක්සත් ජනපදයේ ළඟා වීමට අපහසු සෑම භූගෝලීය අස්සක් මුල්ලකටම ඉන්ටර්නෙට් ලබාදීමට මයිකේ‍රාසොෆ්ට් සැලසුම් කරන්නේ කේබල් හරහා නොව ගුවන හරහායි.

වයිට් ස්පේස් යනුවෙන් හැඳින්වෙන ටෙලිවිෂන් බෑන්ඩ්විත් භාවිතා කරමින්, අධිවේගී බේ‍රා්ඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් පහසුකම්, මිලියන ගණනක් වූ සේවා ලැබීමේ අඩුපාඩුවලට ලක්වුණු ඇමෙරිකානුවන්ට ලබාදීමේ පරමාර්ථයෙන් මයිකේ‍රාසොෆ්ට් මෙම සැලසුම දියත් කොට තිබෙනවා.

වයිට් ස්පේස් යනු බෆරින් (අන්තරාචය හෝ අරෝධක කිරීමට) සඳහා වයර්ලස් ප්‍රේක්ෂාවලියේ මෙගා හර්ට්ස් 700ට අඩු තැනක පවතින ටෙලිවිෂන් චැනල් අතර ඕනෑකමින් ඇති කරන ලද පරතරයක් වන අතර එයින් සත්‍ය වශයෙන්ම ට්‍රැෆික් ඇති වැදගත් තරංග පථයන්ට එකිනෙක අතර යම් ඉඩක් ඇති කරමින් පහසුවක් සලසනවා.

නමුත් මෙම තාක්‍ෂණයම ඉන්ටර්නෙට්වලට භාවිත කළහොත් මෙම තරංග පථයන්ට සාමාන්‍ය වයිෆයිවලට වඩා (කිලෝමීටර් 10ක පමණ දුරකට) ළඟාවීමට හැකිවීමත්, ගොඩනැඟිලි සහ ගස්කොළන් අතරින් බාධාවලින් තොරව ගමන් කිරීමට හැකිවීමත් පිටිසර ප්‍රදේශ සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීමට එය භාවිත කිරීමට මුල් වුණු ප්‍රධානම කාරණා 2ක්. දැනටමත් මයිකේ‍රාසොෆ්ට් මෙම තාක්‍ෂණයට අනුබල දෙමින් එංගලන්තය, කෙන්යාව, කොලොම්බියාව සහ පිලිපීනය යන රටවල අත්හදා බැලීම් කර තිබෙනවා.

ඔවුන්ගේ අරමුණ ජනපද 12ක ව්‍යාපෘති 12ක් සඳහා ලබන වසරේදී මෙම සැලසුමට ආයෝජනය කිරීමයි. ඔවුන් 2022 ජූලි 4 (ඇමෙරිකානු නිදහස් දිනය) වන විට පිටිසර ප්‍රදේශවල වෙසෙන ඉන්ටර්නෙට් ඇමෙරිකානුවන් මිලියන 2කට සැපයීමේ අභිමතාර්ථය ඇතුව මෙය දියත් කර තිබෙනවා. මේ සඳහා මයිකේ‍රාසොෆ්ට් සමාගමට ඩොලර් බිලියන 10ත් 15ත් අතර ප්‍රමාණයක් වැය වෙතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්