ඉබේ ධාවනය වන හෙලිකොප්ටර් ටැක්සි දැන් ඩුබායිවලට

  👤  2121 readers have read this article !
Published by : MB WEB 2017-08-01 14:18:19

වාහන තදබදය ලොව ජනාකීර්ණ නගර වල ගමන් බිමන් කරන සැමට පොදු දෙයක්. ටැක්සියක නැඟී ගියත් මහා මාර්ග දිගේ යා යුතු බැවින් ට්‍රැෆික්වලින් ගැලවීමට මගීන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. 2017 වසර අවසන් වන විට මෙම කාන්තාර නගරයේ ට්‍රැෆික් මඟ ඇරීමට විකල්පයක් ලෙස දැන් ඉබේ ධාවනය වන හෙලිකොප්ටර් ටැක්සි ඩුබායි නගරයට හඳුන්වා දීමට සූදානම්.

ජර්මානු සමාගමක් ඩුබායි රජය සමඟ ගිවිසුමක් අස්සන් කර තිබෙන්නේ ස්වයං පාලක ගුවන් ටැක්සි, පොදු ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට කරන ලොව ප්‍රථම අත්හදා බැලීම ඩුබායි පදනම් කරගෙන ක්‍රියාත්මක කිරීමටයි. වොලොකොප්ටර් නම් මෙම සමාගම රොටර් 18 මල්ටිකොප්ටර් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ටැක්සි සේවාව සඳහා ලබා දෙනු ඇත.

මෙහි උපරිම ගුවන් කාලය විනාඩි 30කට සීමා වන අතර පැයකට කිලෝමීටර් 50ක වේගයෙන් ගමන් කළ හැකියි. උපරිම වේගය පැයට කිලෝ මීටර් 100ක් දක්වා යා හැකියි. අඩි 6කට මඳක් වැඩි උසින් යුතු මෙම යානා රොටර් රිම් සහ ප්‍රොපෙලර් ද සැලකූ විට අඩි 22ක විශ්කම්භයකින් යුක්ත වෙනවා.

මෙහි ආරක්‍ෂාව සැලකූ විට වොලොකොප්ටර් වලට හදිසි අවස්ථාවකදී භාවිත කළ හැකි පැරිෂුටයක් අන්තර්ගත වන අතර ස්වාධීන බැටරි පද්ධති 9ක් ද ඇතුළත් කර තිබෙනවා.

ඩුබායි මාර්ග සහ මාර්ගස්ථ අධිකාරිය නව තාක්‍ෂණය වැලඳ ගැනීමට නිරන්තරයෙන් සූදානම් වීම ප්‍රචලිත කරුණක් වන අතර 2030 වන විට එහි ගමනාගමනය කරන මගීන්ගෙන් 25%ක් මෙම ස්වයං පාලක ප්‍රවාහන සේවයට සංක්‍රමණය කිරීමට ද ඔවුන් බලාපොරොත්තු වෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්