ශ්‍රී ලංකා නායකත්වය නවීන්ට

  👤  2028 readers have read this article !
Published by : MB WEB 2017-07-31 12:01:19

විචිත්‍ර වීරසිංහ

අගෝස්තු 4 හා 5 වැනිදා හොංකොංහි පැවැත්වෙන අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වන 12 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය නවීන් හේනකංකානම්ගේට හිමිව තිබේ.

ගල්කිස්ස විද්‍යා විදුහල් කණ්ඩායමේ මෙන්ම මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරන සුපුන් දිල්ශාන්ට උප නායකත්වය හිමිව ඇත.
කෙසේ වෙතත් නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඉසිපතන විදුහල් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනකු ඇතුළත් වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා සංචිතය - නවීන් හේනකංකානම්ගේ (නායක-ශා.තෝමස්), සුපුන් දිල්ශාන් (විද්‍යා-ශ්‍රී ලංකා නාවික), රනිඳු පද්මසංක, අධීෂ වීරතුංග, චමෝද් ප්‍රනාන්දු (ඉසිපතන), සදේෂ් විජේවික්‍රම (ශා.පීතර-පොලිසිය), වජීඩ් ෆව්මි (සහිරා-පොලීසිය), තීක්‍ෂණ දසනායක (ශා.පීතර), සුරංග බණ්ඩාර (වේල්ස් කුමර, පොලිසිය), ලහිරු හේරත් (සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර, නාවික හමුදාව), දිනුක් අමරසිංහ (කටුගස්තොට ශා. අන්තෝනි), අවිශ්ක ලී (වෙස්ලි),
අතිරේක _ තනුජ මධුරංග (විද්‍යා-නාවික), රමේෂ් ප්‍රනාන්දු (ශා.පීතර-හැව්ලොක්ස්), චතුර සෙනෙවිරත්න (ශා.ජෝෂප්)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්