13 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලිය 15න් පහළ රන් පදක්කම කුලීෂට

  👤  2187 readers have read this article !
Published by : MB WEB 2017-07-31 10:15:22

ඉෂාන් රශ්මිත

මීගමුව ගේට්වේ ජාත්‍යන්තර පාසලේ කුලීෂ සාරනාත් නානායක්කාර (ඒ.ජී.එම්.) චීනයේ චැංගින් නගරයේ පැවැති 13 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේදී වයස අවුරුදු 15න් පහළ බාලක රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. කුලීෂ සාරනාත් නානායක්කාර මෙම තරගාවලියේ තම ඉසව්වේදී ක්‍රීඩකයන් 24 දෙනකු අතුරින් තරග වට 9කදී ලකුණු 7.5ක් හිමිකර ගනිමින් අපරාජිතව රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. මෙම තරගාවලියේ තම ඉසව්වේදී කුලීෂ සාරනාත් නානායක්කාර චෙන් ලී ඇන්ඩෘ (චීන තායිපේ), ෂි ලු චුංග් (චීන තායිපේ), තරිගම් ගිල්බර්ට් එරෝයි (ඉන්දුනීසියාව), හ්ෂූ හ්ෂුවාන් මින්ග් (චීන තායිපේ) මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කළ ශෂ්මිත උපනන්ද සහ දෙනුවන් තීක්ෂණ යන ක්‍රීඩකයන් පැරදවූ අතර, ටැන් ජුංග් යිංග් (මැලේසියාව), ලින් යි (චීනය) සහ පැලසිගු ලාප් බි්‍රන් (පිලිපීනය) යන ක්‍රීඩකයන් සමඟ තරග වට ජය පැරදුමෙන් තොරව අවසන් කළේය. මෙම ජයග්‍රහණයත් සමගින් කුලීෂ සාරනාත් නානායක්කාර වෙත ලෝක චෙස් සම්මේලනය විසින් "ෆිඩේ මාස්ටර්" නාමය පිරිනැමෙනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්