දරපාන් මාමට පෙම්වතියක් මුණගැහිලා

  👤  1959 readers have read this article !
Published by : MB WEB 2017-07-26 18:26:11

අසනීපයෙන් හිටියා කියල ආරංචියි. ඇත්තටම මොකද වුණේ ප්‍රදීප්ට?

ආරංචිය හරි. මම ඩෙංගු හැදිලා දවස් හතක් විතර රෝහල්ගත වෙලා හිටියා.

දැන් අසනීප තත්ත්වය කොහොමද?

දැන් නම් සුව අතට හැරිලා තියෙන්නේ. පසුගිය දවස් ටික මතක් වෙනකොටත් බය හිතෙනවා.

අසනීප තත්ත්වය නිසා රූගත කිරීම් කල් දා ගත්තද?

ඔව්. මං නිවාඩු ගත්තා. මං නැති වුණාට සිඳු එකේ වැඩ කටයුතු අනෙක් අය ඉතාමත් හොඳින් කරගෙන යනවා.

සිඳු නිසා නේද ප්‍රදීප්ව බොහෝ අය හඳුනාගත්තේ?

ඔව්. මේ දවස්වල ඉහළම ප්‍රතිචාර ලැබෙනවා සිඳු නාට්‍යයට. ඒ ටෙලි නාට්‍ය නිසා තමයි ගොඩක් අය මාව හඳුනාගත්තේ.

දැන් හැමෝම කතා කරන්නේ 'දර පාන් මාමා' කියලා නේද?

අම්මෝ ඔව්. ඒ නමින් තමයි මාව හැමෝම දන්නේ. ඒ විතරක් නෙවෙයි ගොඩක් අය මට කතා කරන්නෙත් 'දර පාන් මාමා' කියලම තමයි. මං රෝහලේ ඉද්දිත් දකින හැමෝම මාව හඳුනාගත්තේ ඒ විදියට.

ප්‍රදීප් සැබෑ ජීවිතෙත් පවුලක් වෙන්න යනවා කියන කතාව ඇත්තද?

ඔව්.ඔව්. ළඟදීම මං විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ සැප්තැම්බර් මාසේ විවාහය සිද්ධ වෙයි.

අනාගත සහකාරියත් රංගන ක්‍ෂේත්‍රයේම කෙනෙක්ද?

නෑ. එයා රඟපාන කෙනෙක් නම් නෙවෙයි. වෘත්තියෙන් පෞද්ගලික බැංකුවක රැකියාවේ යෙදිලා ඉන්න කෙනෙක්.

මේක ආදර විවාහයක්ද? නැත්නම් යෝජිත විවාහයක්ද?

අපි යාළුවො වගේ ටික කාලයක් ආශ්‍රය කළා. එහෙම ඉද්දි තමයි අපේ යාළුකම දන්නෙම නැතිව ආදර සම්බන්ධයකට හැරුණේ.

අනෙක් රංගන කටයුතුවලට මේ වෙනකොට ප්‍රදීප් දායකත්වය ලබා දීලා තියෙන්නේ කොහොමද?

මං ටෙලි ඩ්‍රාමා දෙකක වැඩ කළා. තව තරිඳු කියල මල්ලි කෙනෙක් අධ්‍යක්ෂණය කරපු 'පිස්සා' කියලා චිත්‍රපටයකටත් දායක වුණා. නිවාඩු තියෙන වෙලාවට තමයි ඉතින් රංගන වැඩවලට මම සම්බන්ධ වෙන්නේ.

ප්‍රදීප් කලා කටයුතුවලට මුලින්ම යොමු වුණේ කොහොමද?

අපි උසස් පෙළ පන්තිවල ඉද්දි ඩ්‍රාමා එධපඬඵඩධන කිහිපයකටම සම්බන්ධ වුණා. ඒ කාලේ අපි රඟපානවා කියලා කියන්නේ මොකක්ද කියලා දැනන් හිටියේ නෑ. රඟපෑමේ අවස්ථා හොය හොයා අපි ඒවාට ඉල්ලුම් කළා. මේ වගේ ඉල්ලුම් කරපු සමහර ඒවාට අපි රැවටිලත් තියෙනවා. ඒක විශේෂයෙන්ම මං කියන්න ඕන කාරණාවක්. පස්සේ අපි කොළඹට ඇවිත් වේදිකා නාට්‍ය කරන්න ගත්තා. මායාදේවි නාට්‍යයත් එක්ක අපිට සම්බන්ධ වෙන්න ලැබුණා. පස්සේ තරුණ සේවා සභාවේ නාට්‍ය කරන්නත් යොමු වුණා.

ප්‍රදීප් නළුවෙක් වගේම සහාය අධ්‍යක්ෂවරයෙක්. ඒ පටන් ගැන්ම ගැනත් කියමු?

මං 2007දී තමයි සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කරන්න පටන් ගත්තේ. ඒකත් මට ලැබෙන්නේ මම සම්බන්ධ වෙලා හිටපු නාට්‍ය වැඩමුළු කිහිපයක් හින්දා. ඒ වැඩමුළුවලට ගිහාන් ප්‍රනාන්දු, ධර්මප්‍රිය ඩයස් වගේ අය ආවා. ගිහාන් ප්‍රනාන්දු මහත්මයා තමයි මාව ජානක සිරිවර්ධන ගාවට එක්කන් ආවේ. ඒ සහාය අධ්‍යක්ෂණ වැඩ අතරේ තමයි රඟපාන වැඩකටයුතු මං කරන්නේ.

මොනවද ප්‍රදීප් ඉදිරියේදී සැලසුම් කරගෙන ඉන්න වැඩ කටයුතු?

මං කාලයක් ඉඳලා චිත්‍රපටයක් කරන්න අදහස් කරගෙන ඉන්නවා. චිත්‍රපටයක් කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒත් මගේ ලොකුම හීනය තමයි චිත්‍රපටයක් කරන එක. ඒ වගේම තමයි ඉදිරියේදී වේදිකා නාට්‍යයක් කරන්නත් අදහස් කරගෙන ඉන්නවා.

නලිනිකා ලක්ෂාණි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්