හෘදයාබාධයකදී පිහිටට ඩේ‍රා්න්

  👤  1758 readers have read this article !
Published by : MB WEB 2017-07-24 15:50:12

ඩේ‍රා්න් යන වචනය කන වැකුණු විට ඔබට ධනාත්මක සිතුවිල්ලක් ඇති නොවීමට සාධාරණ හේතු වර්තමානයේ ඩේ‍රා්න් තාක්ෂණය හරහා කෙරෙන ක්‍රියාකාරකම් හරහා ඇති කර තිබෙනවා.

සතුරු ප්‍රදේශවල ඔත්තු බැලීමත්, ගුවනින් ගොස් බෝම්බ හෙළමින් දේපළ සහ ජීවිත විනාශ කිරීමත්, දේශපාලන රැස්වීම්වල බලපුළුවන්කාරකම් පෙන්වීමත් යන කාරණාවලට ඩේ‍රා්න් තාක්ෂණය ලඝු වී ඇතැයි ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය ආවරණ ඇසුරු කරන ඔබට සිතෙන්නට පුළුවන.

එවැනි ඩේ‍රා්න්වලින් මිනිසාට යහපතක් වෙන ක්‍රියාවක් කළ නොහැකිදැයි විමසන ඔබට මෙම පුවත සතුටට කරුණක් විය හැකිය.

හෘදයාබාධ වැලඳුණන් හට ප්‍රතිකාරයක් ලෙස Defibrillators භාවිත කරනවා ඔබ සමහර විට හොලිවුඩ් චිත්‍රපට, ටෙලිවිෂන් නාට්‍යය තුළින් දැක ඇති. හෘදයවස්තුවට විදුලි ධාරාවක් නැතහොත් ප්‍රති කම්පනයක් සපයමින් හෘදයාබාධිතයාව පණ ගන්වන අයුරු ඔබ රූප මාධ්‍ය තුළ දුටු අවස්ථා මතකයට නැඟුවහොත්, පර්යේෂකයන් කණ්ඩායමක් එම අදහස ඇසුරෙන් පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.

එහිදී ඩේ‍රා්න් ගුවන්ගත කර මිනිත්තු 5ක් ඇතුළත ස්ථාන 18කට ළඟා වෙන්නට හැකියාවක් ලැබී තිබෙනවා. මෙම කාලය ගිලන් රථයක් එම ස්ථානවලටම ළඟා වීමට ගන්නා සාමාන්‍ය කාලයට වඩා මිනිත්තු 17ක් ඉක්මන් වූවා, මිනිත්තුවක් හෝ දෙකක් ජීවිතයත්, මරණයත් තීරණය කරන දරුණු හෘදයාබාධයක් වැලඳුණු කෙනෙක්ට එම කාලයේ වාසියේ වටිනාකම අමිල විය හැකියි.

හෘදයාබාධ යනු ලොව වැසියන්ට මරණය කැඳවන එක් ප්‍රධානතම සාධකයක් වන්නේ වසරක් පාසා මිලියන 6කට වඩා (ලක්ෂ 60) ලෝකවාසීන්ට මරු කැඳවමින්, මෙයින් බොහොමයක් ගෙදරක හෝ වෛද්‍ය ප්‍රතිකාර නොමැති ස්ථානවල සිදුවීමේ සම්භාවිතාව වැඩි හේතුවෙන්, එයට ගොදුරු වන බොහෝ රෝගීන්ට ජීවිතය අහිමි වීමේ අවදානම උග්‍ර වෙයි.

චිකාගේ නුවර නෝත් වෙස්ටර්න් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විදුහලේ හෘද රෝග චිකිත්සාව පිළිබඳ ප්‍රධානියා පවසන පරිදි සංගණන අනුව රෝහලකින් බාහිරව හෘදයාබාධ වැලඳෙන පිරිසෙන් 90%ක්ම මරු දකින අතර ඒ සඳහා වෙනස් මඟක් සොයමින් පිළියම් යෙදීමට කාලය එළැඹ ඇත.

දැනටමත් ඩේ‍රා්න් සිල්ලර භාණ්ඩ දුර ප්‍රදේශවල සිටින පාරිභෝගිකයන්ට ප්‍රවාහනය කිරීමට භාවිත වෙන බැවින් මෙම ඩේ‍රා්න් මඟින් හෘදයාබාදීන්ට ච්ඥටඪඡපඪතතචබධපඵ ගෙන යෑම විය යුතු ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකිය.

කිලෝ 1කටත් වඩා බරින් අඩු, භාවිත කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ඉලෙක්ට්‍රොනික කටහඬකින් ලබා දෙන මෙම ච්ඥටඪඡපඪතතචබධපඵ රැගෙන එන ඩේ‍රා්න් ගුවන් ගත වෙන්නේ ඒ එක් එක් ප්‍රදේශවල ප්‍රාදේශීය ගිනි නිවනහල්වල සිටයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්