අගෝස්තු 1දා සිට විල්පත්තු ජාතික වනෝද්‍යානය තාවකාලිකව වැසේ

  👤  1459 readers have read this article !
Published by : MB WEB 2017-07-14 14:44:28

මිහින්තලේ - ර.මු.සු රත්නායක

මේ දිනවල වියළි කලාපයට බලපා ඇති දැඩි නියඟය නිසා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සතුන් නැරඹීමට පැමිණෙන දෙස් - විදෙස් සංචාරකයන් සඳහා අගෝස්තු පළමුවැනිදා සිට තාවකාලික වසා දැමීමට වනජීවී දෙපාර්තමේන්තුව විසින් තීරණය කර ඇතැයි වාර්තාවේ.

මේ පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවෙන් විමසීමේදී එහි නිලධාරිනියක කියා සිටියේ එවැනි තීරණයක් ගෙන ඇති බවයි. එසේම පසුගිය දිනවල සිට විල්පත්තු අභය භූමියේ පිහිටි සංචාරක නිවාස සියල්ලම වසා දමා ඇතැයිද ඇය වැඩිදුරටත් පැවැසුවාය.

කෙසේ වෙතත් විල්පත්තු ජාතික වනෝද්‍යානයට බලපා ඇති උග්‍ර ජල හිඟය නිසා අගෝස්තු 1දා සිට හෝ ඊට පෙර තාවකාලිකව විල්පත්තුව නරඹන්නන් හට විවෘත නොකිරීම ගැන මහජනතාව දැනුවත් කරන බවද එම නිලධාරිනිය කියා සිටියාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්